පැකර් ගැන පැමිණිල්ලක්.

Monday, 11 November 2013 - 19:40

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.


ලෝක ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන  ඕස්ට්‍රේලියානු ජාතික ජෙම්ස් පැකර්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂය අද (11) පොලීසියෙන් ඉල්ලීමක් කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට ගොස් අදාළ පැමිණිල්ල සිදුකළේ අද (11) දහවල් කාලයේදියි. ජෙම්ස් පැකර් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ.