සජිත් ගැන අවසන් තීරණය 14.

Tuesday, 12 November 2013 - 7:41

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+14.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණ කිහිපයක් එහි මංගල රැස්වීමේ දී ගැනීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ මංගල රැස්වීම ලබන 14 වන දා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මේ වන විට නායකත්ව මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රිනී තලතා අතුකෝරාළ සහභාගි නොවන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබද මංගල රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙන බවයි නායකත්ව මණ්ඩල සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. මීට අමතරව නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් වන මංගල සමරවීර සහ රුවන් විජේවර්ධන යන මන්ත්‍රීවරුන්ට තවත් සුවිශේෂී වගකීම් කිහිපයක් පැවරීමට ද නායකත්ව මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙනවා. ඒ අනුව මංගල සමරවීර මන්ත්‍රීවරයාට පක්ෂ මහලේකම්වරයා යටතේ තිබූ දේශපාලන කටයුතු මෙහෙය වීමේ බලය හිමි වන බවයි වාර්තා වන්නේ.
 
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සහ තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය යළි ඊට එක් කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ එක්සත් භික්ෂු පෙරමුණ හරහා මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි. එහිදී ගන්නා අවසන් තීරණය ලබන 14 වන දා රැස්වන පක්ෂ නායකත්ව මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:10

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු... Read More