විඩීයෝ: UPDATE: ශ්‍රී ලංකාව පරිපූර්ණ රටක්. - පොදුරද ව්‍යාපාරික කවුන්සිලය. CHOGM - 2013

Tuesday, 12 November 2013 - 7:48

%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+UPDATE%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A.++-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA.++CHOGM+-+2013
මෑතකාලීනව ගෝලීය ආර්ථිකයේ ඇතිවූ අයහපත් ප්‍රවනතාවය සඳහා බොහෝදුරට බලපානු ලැබුවේ අදුරදර්ශී ප්‍රතිපත්ති හා වැරදි උපකල්පන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව කොළඹදී අද ආරම්භ  වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය අමතමින්.

‘‘ධනය උත්පාදනය සඳහා හවුල් කාරිත්වය සහ සමාජ සංවර්ධනය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉන්දීය සාගර කලාපය හා සාක්’’ යන්න තේමා කරගනිමින් මෙම සමුළුව ආරම්භ වුණා. එය අද සිට 14 වැනිදා දක්වා පැවැත්වෙනවා. විදේශ නියෝජිතයන් 700 ක් ඇතුලූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්  2000 ක් මෙම ව්‍යාපාරික සංසදය සඳහා සහභාගි වී සිටින අතර එය මෙරට පැවැත්වෙන විශාලතම ව්‍යාපාරික හමුවයි.

අද ආරම්භ වූ ව්‍යාපාරික සංසදය අමතමින් අදහස් දැක්වූ එම ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති මොහාන් කෝල් සඳහන් කළේ ශ්‍රී ලංකාව ආසියාවේ දෙවනුවට වර්ධනය ආර්ථිකය බවට පත්වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාව පරිපූර්ණ රටක් බවට පත්ව ඇති බව ඔහු එහිදී කියා සිටියා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ජනතා සංසදයද මේ වනවිට ගාල්ල කොටුවේදි පැවැත්වෙනවා. මෙම සමුළුව පසුගිය ඉරිදා ආරම්භ වූ අතර එය හෙටින් අවසන් වීමට නියමිතයි. මෙම සංසදය සඳහා විදේශ නියෝජිතයන් 150 ක් එක්ව සිටින අතර ශ්‍රී ලංකාවෙන් මෙම සමුළුව සඳහා එක්වූ නියෝජිතයින් සංඛ්‍යාව 250 ක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ අනුකාරක කමිටුවේ සභාපති වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රටවල් අතර පවතින සමාජ සහ සිවිල් ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බදුන් වන බවයි.

මීට අමතරව රටවල් 45 ක සහභාගීත්වයෙන් ඉරිදා ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවද හම්බන්තොට - මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මේ වනවිට පැවැත්වෙනවා. මෙම තරුණ සමුළුවේදී විධායක නියෝජිතයන් පත්කරගැනීම සඳහා ඡුන්ද විමසීමක්ද සිදුකිරීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා සඳහන් කළේ.
 
මේ අතර 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා මේ වනවිට විදේශ රටවලින් නියෝජිතයන් පැමිණෙමින් සිටිනවා. අද පෙරවරුවේ නාවුරු රාජ්‍යයේ ජනාධිපති බැරන් වකා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණියා. මීට අමතරව තවත් රටවල් 5 ක විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට අද දිනයේදී පැමිණි බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. උගන්ඩාව, බෲනායි, ජැමෙයිකා, කැමරුන් සහ සීෂෙල්ස් යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙලෙස දිවයිනට පැමිණි රටවල් අතර වනවා. පාකිස්ථානු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් අනිද්දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.



Update Tuesday, 12 November 2013 - 07:18 PM

---------------------------------------------------------------------------------------------------------
ව්‍යාපාරික සංසදයට 2 000 ක්. පැකර් ද ඒ අතර.

පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ ආරම්භක අවස්ථාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා, පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති මොහාන් කෝල් යන නියෝජිතයන්ද එක්ව සිටියා. මීට අමතරව  ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇතුලූ  ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන් 20 දෙනෙකුද මෙම ව්‍යාපාරික සංසදයට එක්ව සිටීම විශේෂත්වයක්. ඔහු හෙට දිනයේදී ව්‍යාපාරික සමුළුව ඇමතීමට ද නියමිතයි.

Tuesday, 12 November 2013 - 07:15 PM
--------------------------------------------------------------------------------------------------------------------

පොදුරද මඩුල්ලේ සශ්‍රීකත්වය සඳහා එක්වන්න. - ජනපති.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සංවිධාන කරන ව්‍යාපාරික සමුළුවේ නිළ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) පෙරවරුවේ ආරම්භ වුණා. එය මේ මස 14 වන දා දක්වා පැවැත්වෙනු ඇති. සමුළුව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ පොදුරද මඩුල්ලේ සශ්‍රීකත්වය සඳහා සියලූ සාමාජික රටවල් එක්විය යුතු බවයි. එමෙන්ම මෙම සමුළුව කරුණු 3ක් ඔස්සේ වැදගත් වන බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙම සමුළුවට එක්වෙමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලින් බැහැරව තවත් රටවල් 30ක් මෙම සමුළුවට එක්වීම විශේෂත්වයක් බවයි.

 
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව තරුණ සංසදය සහ මහජන සංසදය  ද අද (12) දිනයේත් පැවැත්වෙනවා.









 






Tuesday, 12 November 2013 - 12:58 PM
-----------------------------------------------------------

පොදුරද ව්‍යාපාරික සමුළුව ඇරඹේ.


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සංවිධාන කරන ව්‍යාපාර සමුළුවේ නිළ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙම සමුළුව මේ මස 14 වන දා දක්වා පැවැත්වෙනු ඇති. රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන් මෙන්ම ව්‍යාපාරිකයන් ඇතුළු දෙස් විදෙස් ව්‍යාපාරිකයන් 1500ක් පමණ මෙම ව්‍යාපාරික සමුළුව සඳහා සහභාගි වනවා. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටවල් ද මෙම සමුළුවට එක්වන අතර රටවල් 67ක නියෝජිතයන් මේ සදහා සහභාගි වනු ඇති.

[JPG]71198_1[/JPG]
[JPG]71198_2[/JPG]

Tuesday, 12 November 2013 - 10.49
--------------------------------------------------------------------

පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව ඇරඹේ

මීට සුළුමොහොතකට පෙර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර්ක සමුළුව ඇරඹුණි



Tuesday, 12 November 2013 - 9:43
--------------------------------------------------------------------
පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අද ඇරඹේ. CHOGM - 2013

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සංසදය අද (12) කොළඹ දී ආරම්භ වනවා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය නොවන රටවල ව්‍යාපාරිකයන් ද එක්වීමට නියමිතයි. පොදුරාජ්‍ය මණ්ඩලීය නොවන රටවල් වන  ඇමරිකාව, නෙදර්ලන්තය සහ මැදපෙරදිග යන රටවල ආයෝජකයින් මෙම ව්‍යාපාරික සංසදයට සහභාගිවීම සඳහා දැනටමත් මෙරටට පැමිණ සිටිනවා. මෙම ව්‍යාපාරික සංසදයට වැඩිම ආයෝජකයින් පිරිසක් එක්වන්නේ බ්‍රිතාන්‍යයෙන් වීම විශේෂත්වයක්. අද (12) සිට ලබන 14 වන දින දක්වා මෙම ව්‍යාපාරික සංසදය පැවැත්වෙනවා. එමගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More