පාසල් දරුවන් කාමරයක සිර කිරීම පිළිබද පරීක්ෂණ.

Tuesday, 12 November 2013 - 12:50

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
කඳාන - උතුරු බටගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු පමණ කාමරයකට දමා දොරගුළු වසා දැමීමේ සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ අද (12) ආරම්භ වුණා. ඊයේ දිනයේ විදුහල්පතිවරයා විසින් මෙසේ සිසුන් කාමරයක දමා වසා දමා ඇති බවට එක් දරුවෙකුගේ පියෙකු කඳාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

 

පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා පාසලේ උත්සවයක් පැවැත්වුනා. ඊට පැමිණෙන්නැයි දැන්වූ සිසුන් ප්‍රමාණවත් අයුරින් උත්සවයට එක්නොවූ බව පවසමින් විදුහල්පතිවරයා අදාළ සිසුන්ව ඊයේ කාමරයකට දමා වසා තිබූ බවටයි පැමිණිල්ලේ සදහන් වන්නේ.

 

තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය අද (12) දිනයේ ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල ඉදිරිපත් කළ පියා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 
කෙසේ වෙතත්, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි කඳාන - උතුරුබටගම ශාන්ත අන්තෝනි විදුහලේ විදුහල්පතිනී ඩබ්ලිව්.ඩබ්ලිව්. රූපසිංහ කියා සිටියේ.


ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලිපි ලේඛණ සැකසූ අයෙක් රිමාන්ඩ්
Thursday, 04 June 2020 - 16:59

ජනාධිපතිවරයාගේ අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා ගනිමින් ලිපි... Read More

විදේශයන්හි සිට පැමිණෙන්නන් PCR ප්‍රතික්ෂේප කළොත් යළි හරවා යැවීමේ තීරණයක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 16:56

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More