Update : විඩීයෝ : හොඳ අවස්ථාවක් ලැබී ඇතැයි රනිල් කියයි.

Tuesday, 12 November 2013 - 19:07

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
රාජ්‍ය බලය ලබාගැනීම සඳහා හොඳ අවස්ථාවක් දැන් හිමිවී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්විමක් අමතමින්. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ජනතාවට බරක් වී ඇති බවයි.

 

 
මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ඊයේ (12) නිවේදනයක් ද නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් විසින් ශ්‍රී ලංකාව පිළිබද ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය නිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය නොකරන බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සභාපතීත්වය ලැබුණු පසු පොදුරාජ්‍ය මණ්ඩලීය අගයන් ආරක්ෂා කරන මෙන් බලපෑම් කිරීමට අවස්ථාවක් ලැබෙන බව ද එම නිවේදනයේ සඳහන්.

Update : Wednesday, 13 November 2013 - 7:35 AM

-----------------------------------------------

වාදබේද අමතක කරමු. රනිල්


වාදබේද අමතක කර එකට එක්වී පක්ෂයේ කටයුතු මෙහෙයවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පක්ෂය මෙහෙයවීමේ බලතල ඇත්තේ තමාට නොව කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ජාතික යොවුන් පෙරමුණේ හමුවකට එක්වෙමින්.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More