වීඩීයෝ: Update : ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන කේන්ද්‍රස්ථානයක් කළ හැකියි. පැකර්.CHOGM - 2013

Wednesday, 13 November 2013 - 10:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A.CHOGM+-+2013
ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන කේන්ද්‍රය බවට පත්කළ හැකි බව ලොව පුරා ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාර හිමිකරුවෙකු වන ජේම්ස් පැකර් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අද අමතමින්. ව්‍යාපාරිකයින් 2000 කට ආසන්න පිරිසක් සහභාගිවී සිටින මෙම ව්‍යාපාරික සමුළුවේ දෙවන දිනය වන අද දිනයේ තේමාව වී ඇත්තේ 21 වැනි සියවසේ ව්‍යාපාරික සන්ධිස්ථානය යන්නයි.  ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමකින් කොළඹ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වීම හේතුවෙන් ජේම්ස් පැකර් මේ වනවිට මෙරට තුළ කථාබහට ලක්වී ඇති චරිතයක් බවට පත්වී තිබෙනවා. අද සමුළුව අමතමින් ඔහු ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම ආයෝජනය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ තමන් මීට පෙර ශ්‍රී ලංකාවේ පස් වතාවක් සංචාරය කර ඇති බවයි. ඉන්දියාවේ හා චීනයේ මධ්‍යම පන්තියට හා ආසියාවේ අනෙකුත් රටවල්වලට ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි. මහ පරිමාණයේ සුඛෝපභෝගී ව්‍යාපාරික සංචාරකයින් ඊට යොදාගත හැකි බව පැකර් සඳහන් කළා. තමන් කැපවී සිටින්නේ ක්‍රවුන් රිසෝට් නැමති සංචාරක නිකේතනය කොළඹ බේරේවැව ආසන්නයේ නිර්මාණය කිරීමට බවද පැකර් කියා සිටියා.

 
සමුළුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත මෙම ආයෝජනය පිළිබඳව ජේම්ස් පැකර්ගෙන් මාධ්‍යවේදීන් තවදුරටත් කරුණු විමසීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා.





UPDATE : Wednesday, 13 November 2013 - 07:09 PM
-------------------------------------------------------------------------------
 ජේම්ස් පැකර් පොදුරඳ මඩුලූ ව්‍යාපාරික සංසදය අමතයි.


පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදුරඳ මඩුලූ අමාත්‍ය ක්‍රියාකාරි කමිටු රැස්වීම අද (13) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

 

මේ අතර, 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමාගාමීව පැවති ජනතා සංසදය මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවා. ඒ හික්කඩුවේ පැවති සැසිය සමාප්ත කිරීමේ උත්සවයෙන් අනතුරුවයි. මෙම සංසදයේදී කලාපීය වශයෙන් බලපානු ලබන සමාජ සහ සිවිල් ගැටළු පිළිබඳව සාකච්ඡාවට ලක්වුණා. දෙස් විදෙස් නියෝජිතයන් 400 දෙනෙකු පමණ එක් වූ මෙම සංසදය ආරම්භ වුණේ පසුගිය 10 වැනිදායි. එහිදී ඔවුන් දින 4 ක් පුරා සාකච්ඡා කෙරුණු කරුණු ගැන කෙටුම්පතක් සකස් කර ඇති අතර ඊට කලාපීය නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගැනීම අද සිදු කෙරුණා.

 

මේ අතර රටවල් 45 ක සහභාගීත්වයෙන් ඉරිදා ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය හෙටින් අවසන් වනවා. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සමුළුවට විධායක නියෝජිතයන් පත් කරගැනීමට ඊයේ ඡන්ද විමසීමක් සිදු කෙරුණා. විධායක මණ්ඩලය සඳහා සභාපති, උප සභාපතිවරුන් ඇතුලූ නිලධාරීන් 9 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහායි එම ඡන්ද විමසීම සිදු කෙරුණේ. අනතුරුව සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද තරුණ සංසදය රැස්වුණා.

 

‘ධනය උත්පාදනය සඳහා හවුල්කාරීත්වය සහ සමාජ සංවර්ධනය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉන්දීය සාගර කලාපය හා සාක්’ යන්න තේමා කරගනිමින් ඊයේ ආරම්භ කළ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය අදත් කොළඹදී පැවැත්වෙනවා. ඊට එක්ව සිටින  ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් අද සමුළුව ඇමතුවා. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජන සඳහා ඉතා ඉහළ වටිනාකමක් සහිත රාජ්‍යයක් බවයි. තමා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා දැඩි කැමැත්තෙන් පසුවන බව ද ඔහු සඳහන් කළා.

 

මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍ය සමුළුව අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 
මේ අතර පොලිසිය ප්‍රකාශ කළේ කටුනායක ගුවන්තොටුපලේ සිට රාජ්‍ය නායකයන් කොළඹට පැමිණීම හේතුවෙන් අද පස්වරුවේත් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි. ඒ අනුව අද පස්වරු 6.30 සිට පස්වරු 7.00 දක්වාත්, රාත්‍රී 10.30 සිට 12.00 දක්වාත් කටුනායක අධිවේගී මාර්ගය, කැළණි පාලමේ සිට බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත යන මාර්ග මෙලෙස වසා තැබෙනු ඇති.

Wednesday, 13 November 2013 - 12:46 PM

----------------------------------------------------
විදෙස් ආයෝජන සඳහා ශ්‍රී ලංකාව හොඳම ස්ථානයක් - ජේම්ස් පැකර්


විදෙස් ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ස්ථානයක් බව  ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් පවසනවා. පොදුරාජ්‍ය  මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ දෙවැනි දිනය අමතමිනුයි ජේම්ස් පැකර් මේ බව පැවසුවේ.
















ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More