වීඩීයෝ : Update : එජාපය පොදු රද මඩුළු සමුළුව වර්ජනය කිරීමට තීරණය කරයි.

Wednesday, 13 November 2013 - 16:15

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. අද (14) රැස්වු එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගීවීමට මීට පෙර එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, ඊයේ සහ අද ඇතිවු සිද්ධීන් පදනම් කර ගනිමින් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ වැඩකටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදුවුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. ඒ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවෙන් අනතුරුව සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතිය ගොඩනැගීමේ සංසදය විසින් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. ඒ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් උළෙලට විරෝධය පළ කරමින්. එහිදී සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ රැස්ව සිටි පිරිසක් ද පිටත සිටි විරෝධතාකරුවන්ට විරෝධය පළ කළා.

මේ අතරතුරයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූණ් වහන්සේලා පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත ඇතුළු වුණේ. එහිදී ඔවුන් සඳහන් කළේ මානව හිමිකම් උළෙලට සමගාමීව පැවැත්වෙන මානව හිමිකම් ප්‍රදර්ශනයේ තම සංවිධානයේ ප්‍රතිරූපයට හානිවන අයුරින් ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති බවයි. එම අවස්ථාවේදී පක්ෂ මූලස්ථානය තුළ රැස්ව සිටි පාක්ෂිකයන් පිරිසක් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූණ් වහන්සේලාට විරෝධය පළ කළා. අනතුරුව එම පිරිස් විසින් භික්ෂූණ් වහන්සේලා පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට යැවීමටද කටයුතු කළා. එහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

මෙම සිද්ධීන්වලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක විසින් සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ අද (14) දිනයේ සහ ඊයේ (13) දිනයේ පක්ෂයට එරෙහිව එල්ල කරන ලද බලපෑම් සැලකිල්ලට ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ බවයි.

බොදු බල සේනා සංවිධානයද අද (14) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ, අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේ ඇතිවු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමටයි. එහිදී අදහස් දැක්වු එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ මෙම සිද්ධිය දැඩිව හෙළා දකින බවයි.




Update : Thursday, 14 November 2013 - 07.05 PM
---------------------------------------------------------------------------------------
බොදුබල සේනා සිරිකොතට යෑමත් සමග උණුසුම් තත්ත්වයක්.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය මගින් සංවිධානය කර ඇති මානව හිමිකම් සමුළුවට විරෝධය පළ කරමින් අදත් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා. එහිදී විරෝධතාකරුවන් සිරිකොත පක්ෂ මූලස්ථානය දෙසට ගල් ප්‍රහාරද එල්ල කළ කර තිබෙනවා. විරෝධතාව අතරතුර බොදුබලන සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලූ එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ඇතුල් වී තිබෙනවා. එම අවස්ථාවේදී පක්ෂ මූලස්ථානය තුළ නොසන්සුන්තාවයක් හටගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.



Update : Thursday, 14 November 2013 - 12:47
---------------------------------------------------------------------------------------
රනිල්ගෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට පැමිණිල්ලක්.


තමන්ගේ නිල රථයට සහ තමන්ට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රියාකාරී කමිටුවට දැනුම් දීමට කටයුතු කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.  

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය මගින් සංවිධානය කර ඇති මානව හිමිකම් සමුළුව ඊයේ (13) පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා. 2013 මානව හිමිකම් උළෙල  ලෙස නම් කර තිබූ එම උළෙල ආරම්භ කිරීමට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රට සුරකින සංවිධානය විසින් උද්ඝෝෂණයක නිරතවූ අතර විපක්ෂ නායකවරයා එම අවස්ථාවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා. එහිදී විරෝධතාකරුවන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැමිණි වාහනයටද පහර දෙනු ලැබුවා.

මෙම සමුළුවට එක්සත් ජාතික පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සාමාජිකයින්ද එක්ව සිටියා. එහිදී පැවැත්වෙන මානව හිමිකම් ප්‍රදර්ශනයට අතුරුදන්වූවන්ගේ ඡායරූප, රතුපස්වල සිද්ධියට අදාළ ඡායාරූප ද එක්කර ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මෙම අවස්ථාව ආවරණය කිරීමට විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද පැමිණ සිටියා.  

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය පළමු වතාවට අද රැස්වීමට නියමිතයි. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි. මෙහිදී නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය වැඩභාර ගැනීම සිදුවන අතර නායකත්ව මණ්ඩලය හරහා පක්ෂයේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය පිළිබඳවද අද දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.  

නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රිනී තලතා අතුකෝරාල අද දිනයේ පැවැත්වෙන මංගල රැස්වීමට සහභාගිවීම අවිනිශ්චිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.


 Thursday, 14 November 2013 - 7:47

------------------------------------------------------------------------------------------------------------------
සමගි බලවේගයේ මානව හිමිකම් උළෙලට විරෝධයක්.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය මගින් සංවිධානය කර ඇති මානව හිමිකම් සමුළුව අද (13) පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා. 2013 මානව හිමිකම් උළෙල  ලෙස නම් කර තිබූ එම උළෙල ආරම්භ කිරීමට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රට සුරකින සංවිධානයේ නියෝජිතයින් උද්ඝෝෂණයක නිරතවෙමින් කියා සිටියේ මෙය රටට ද්‍රෝහී සමුළුවක් බවයි.

 

අද සහ හෙට යන දෙදින තුළදී පැවැත්වෙන සමුළුවට එක්සත් ජාතික පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සාමාජිකයින්ද එක්ව සිටියා. එහිදී පැවැත්වෙන මානව හිමිකම් ප්‍රදර්ශනයට අතුරුදන්වූවන්ගේ ඡායරූප, රතුපස්වල සිද්ධියට අදාළ ඡායාරූප ද එක්කර ඇති බවයි එහි සිටින ෂා වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මෙම අවස්ථාව ආවරණය කිරීමට විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද පැමිණ සිටියා.

 
කෙසේ වෙතත් මෙම සමුළුව විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කලේ තමන් සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙමින් සිටියදී තම රථයටද උද්ඝෝෂකයින් පහර දුන් බවයි.



Update : Wednesday, 13 November 2013 - 19:10

-----------------------------------------------------------------------------------------
සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්.

Wednesday, 13 November 2013 - 16:15

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විපක්ෂයේ සමගි බලවේගය සංවිධානය කර ඇති විකල්ප සමුළුවට විරෝධය පළ කරමින් මේ වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ විරෝධතාකරුවන් පිරිසක් එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් දිවෙන මාර්ගය අසල රැඳී සිට මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි. මෙම විකල්ප සමුළුව අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.


ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More

ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More