වීඩීයෝ: දුමින්ද සිල්වා වෙඩි වැදී සිටින විට භාරත ලක්ෂ්මන් දිවයනු දුටුවා. පොලිස් කොස්තාපල් සාක්ෂි දෙමින් කියයි.

Wednesday, 13 November 2013 - 19:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මුල්ලේරියාව සිද්ධියේදී පළමුවෙන්ම වෙඩි වැදුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට බව අධිකරණය හමුවේ ඊයේ යළිත් වතාවක් තහවුරු වුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ පැවැත්වුණු සාක්ෂි විභාගයේදියි.

පොලිස් කොස්තාපල් කළුබද්දනගේ හේමන්ත කුමාර පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස ඊයේ මෙසේ සාක්ෂි ලබාදුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී ඔහු බිම වැටී නළලෙන් ලේ ගලමින් සිටින විට භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය පිටුපසට දිව යනවා සියැසින් දුටු බව සාක්ෂිකරු කියා සිටියා. ඒ, ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

නීතීඥවරයා පළමුවෙන්ම විමසූයේ මුල්ලේරියාව සිද්ධියට කෙතරම් වේලාවක් ගතවූයේද යන්නයි. සුළු වේලාවක් පමණක් ගතවූ බව එහිදී සාක්ෂිකරු කියා සිටියා. ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයේ සාක්ෂිකරු සිටියාද යන්න නීතීඥවරයා විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමන් එහි සිටි බවයි.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සහ භාරත ලක්ෂ්මන් අතර කුමක් හෝ බහින්බස් වීමක් සිදුවූවාද යන්න නීතීඥවරයා යළිත් ප්‍රශ්න කළා. කථාබහක් ඇතිවනු දුටු බවත් එහෙත් එහිදී සිදුවූයේ කුමක්ද යන්න තමන්ට නොඇසුනු බවත් සාක්ෂිකරු කියා සිටියා. පසුව එක් වෙඩි හඩක් ඇසුනු බව පැවසූ සාක්ෂිකරු එහිදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වැටී නළලෙන් ලේ ගලමින් සිටිනු මෙන්ම භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය දෙසට දිවයනු දුටු බව ප්‍රකාශ කළා.
 
ඉන් අනතුරුව නීතීඥවරයා විමසූයේ අනෙක් වෙඩි හඩවල් ඇසුනේ දුමින්ද සිල්වාට වෙඩි වැදීමෙන් අනතුරුව යන කරුණ සත්‍යයද යන්නයි. එහිදී සාක්ෂිකරු එය සත්‍ය බව ප්‍රකාශ කළා. නඩුව දෙසැම්බර් දෙවැනිදා යළි විභාගයට ගැනෙනවා.



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More