CEB රාජ්‍ය ආයතන කිහිපයකට අනතුරු අඟවයි.

Thursday, 14 November 2013 - 7:45

CEB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
විදුලිබල මණ්ඩලය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට අනතුරු ඇඟවීමක් සිදුකරනවා.  විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් වහාම ගෙවා දමන ලෙසයි විදුලිබල මණ්ඩලය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ. මේ වනවිට රාජ්‍ය ආයතන කිහිපයක්ම විදුලි බිල්පත් පියවා නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල සඳහන් කළේ.  මේ මාසය අවසන් වීමට පෙර හිඟ විදුලි බිල්පත් සඳහා මුදල් ගෙවන ලෙස අදාළ ආයතනවලට මේ වනවිටත් දැනුම්දී තිබෙනවා. 

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හේතුවෙන් එම රාජ්‍ය ආයතනවල විදුලිය විසන්ධි කිරීම සිදු නොකරන බවත් සමුළුවෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සෑබෑ ආදායම් වියදම් හෙළිදරව් කොට පාරිභෝගිකයා රැකීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීමක් බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 2014 වර්ෂය සඳහා විදුලි ගාස්තු නියම කිරීමේදී විදුලිබල මණ්ඩලයේ සැබෑ ආදායම් වියදම් බලපාන බවයි.


ට්‍රම්ප්ගේ වීඩියෝ සටහනක්, ට්විටර් ගිණුමෙන් ඉවත් කරයි
Friday, 05 June 2020 - 13:41

නිරායුධ කළු ජාතිකයෙකු, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More

ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 1490ක් අත්අඩංගුවට
Friday, 05 June 2020 - 13:37

අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ... Read More

එජාපය තුළ සිටින්නේ දේශපාලන දැනුමක් නොමැති පුද්ගලයින් බව සුජීව සේනසිංහ කියයි
Friday, 05 June 2020 - 13:32

දේශපාලනය පිළිබඳ දැනුමක් සහ ඉදිරියක් නොමැති පිරිසක් පමණක්... Read More