UPDATE: වීඩියෝ: බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු දිවයිනට. CHOGM 2013

Thursday, 14 November 2013 - 7:54

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.+CHOGM+2013
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කැමිලා පාකර් ආදිපාදවරිය අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා. පස්වරු 4.15 ට පමණ ඔවුන් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. ඔවුන්ට මෙහිදී උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු අමාත්‍යවරුන් රැසක් මෙන්ම බ්‍රිතාන්‍යයේ මෙරට මහ කොමසාරිස් ජෝන් රැන්කින් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ද ගුවන් තොටුපලට පැමිණ සිටියා. පසුව චාල්ස් කුමරු කොළඹ බලා පැමිණෙන විශේෂ රථ පෙළ වෙත රැගෙන ඒම සිදුවුණේ දේශීය  නර්ථන අංගයන් සහිත පෙරහැරකින්.

චාල්ස් කුමරුගේ 65 වන උපන් දිනයද අදට (14) යෙදී ඇති අතර, ඔහු මීට පෙර 1998 සහ 2005 යන වර්ෂවලදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එහෙත් කැමිලා පාකර් ආදිපාදවරියගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වීම විශේෂත්වයක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හෙට පෙරවරු 9.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වන්නේ චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ මුල්ම සැසිවාරය හෙට බණ්ඩාරණායක සමරු ශාලාවේදී පැවැත්වෙනු ඇති. මෙම උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවල සංචාරයකටද එක්වීමට නියමිතයි.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා අදත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් දිවයිනට පැමිණියා. අද පස්වරුවේ පාකිස්තානු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් දිවයිනට පැමිණියා. මීට අමතරව සයිප්‍රස්, ටැන්සානියා, මෝල්ටා, ලෙසතෝ, සොලමන් දුපත්, බහමාස්, ඝානා, නැම්බියා, වනුආටු, සාන්ත කිට්ස් සහ නෙවිස් දුපත්, බංග්ලාදේශ සහ බෲනායි රාජ්‍යයේ රාජ්‍ය නායකයින් මෙන්ම ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයාද අද දිවයිනට පැමිණ තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය කියා සිටියේ රාජ්‍ය නායක උළෙලට සහභාගීවීම සඳහා රටවල් 23 ක රාජ්‍ය නායකයින් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි. එමෙන්ම, රටවල් 29 ක විදේශ අමාත්‍යවරුන් මේ වනවිට දිවයිනට පැමිණ තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුව සහ තරුණ සමුළුවද අද අවසන් වුණා.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මේ වනවිට දිවයිනට පැමිණ සිටින  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සහ බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු විදේශ ලේකම්වරුන් අද (14) පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් මුණ ගැසී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහිදී උතුරේ යළි පදිංචි කිරීම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි.





UPDATE: Thursday, 14 November 2013 - 07.09 PM
-----------------------------------------------------------------

චාල්ස් කුමරු දිවයිනට.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ චාල්ස් කුමරු සමග කැමිලා පාකර්ද දිවයිනට පැමිණි බවයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද චාල්ස් කුමරුන් විසින්.





[JPG]71329_1[/JPG]
[JPG]71329_2[/JPG]
[JPG]71329_3[/JPG]
[JPG]71329_4[/JPG]
[JPG]71329_5[/JPG]
[JPG]71329_6[/JPG]
[JPG]71329_7[/JPG]
[JPG]71329_8[/JPG]
[JPG]71329_9[/JPG]

UPDATE: Thursday, 14 November 2013 - 16:34
-----------------------------------------------------------------

චාල්ස් කුමරු අද දිවයිනට.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද දිවයිනට පැමිණීමට නියමිතයි. එංගලන්තයේ දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමිනුයි චාල්ස් කුමරු මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවන්නේ. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධානත්වයද චාල්ස් කුමරුට හිමිවනවා.  ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර චාල්ස් කුමරු සහ කැමිලා පාකර් මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරතවනවා. ඒ අනුව ඉන්දියාවේ සිටයි චාල්ස් කුමරු මෙරටට පැමිණෙන්නේ.

චාල්ස් කුමරුගේ 65 වන උපන් දිනයද අදට යෙදී තිබෙනවා. ඔහු උපත ලබා ඇත්තේ 1948 නොවැම්බර් මස අද වැනි දිනකයි.

මීට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්,  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහ මලයාසියානු සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරුන්ද අද දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

ඊයේ පස්වරු 6 සිට මේ දක්වා කාල සීමාව තුළ තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ සයිප්‍රස් ජනාධිපතිවරයා, ස්වාසිලන්ත සහ ටොංගෝ අග්‍රාමාත්‍යවරුන්, සැම්බියානු සහ වනවාටු  උප ජනාධිපතිවරුන් මෙලෙස දිවයිනට පැමිණි බවයි.

මේ අතර ඊයේ (13) දිනයේදිද පොදු රාජ්‍ය මණ්ඩලීය නායක  සමුළුවට සහභාගි වීම සඳහා විදේශ නියෝජිතයන් රැසක් දිවයිනට පැමිණියා. මේ වනවිට රටවල් 18 ක විදේශ අමාත්‍යවරුන් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ. ඝානා විදේශ කටයුතු සහ කලාපීය සම්බන්ධතා නියෝජ්‍ය ඇමති කෙවිසි ක්වාටි,  ඕස්ට්‍රේලියානු විදේශ අමැතිනී ජූලි බිෂොප්, මැලේසියා විදේශ ඇමති අනීෆා අමාන් ඊයේ දිවයිනට පැමිණියා.


මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා බංග්ලාදේශ විදේශ ඇමතිනී ඩිපූ මෝනි සහ දකුණු අප්‍රිකා විදේශ ඇමතිනී මයටි මාෂාබානෝ මෙලෙස දිවයිනට පැමිණි නියෝජිතයන් අතර වනවා. නයිජීරියානු උප ජනාධිපති නමාඩි සම්බෝ, සහ උගන්ඩා උප ජනාධිපති එඞ්වඞ් කිවනුකා යන  රාජ්‍ය නායකයන්ද  ඊයේ දිවයිනට පැමිණියා.
 
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා තමන් අද දිනයේ පිටත්වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ප්‍රකාශ කළා. නවසීලන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් මෙම සමුළුවේදී සාකච්ඡාවට බදුන් කරන බවයි. එහෙත් නවසීලන්ත විපක්ෂය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකර ඇති බැවින් අග්‍රාමාත්‍ය ජෝන් කී කොළඹ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවිය යුතු බවයි. එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිංහල හා දෙමළ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සංචාරයේදී ඍජුවම ප්‍රශ්න කිරීමට හැකි බවයි.


විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More