වීඩියෝ: චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්.

Thursday, 14 November 2013 - 19:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිස අනුරාධපුරයේ සිට කොළඹට ගෙන එන ලද වෑන් රථයේ රියදුරු විසින් තම කුළී ගාස්තු නොගෙවූ බවට කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. උතුරේ සංචාරය කිරීම සඳහා කැලම් මැක්රේ ඇතුළු පිරිස කොළඹ සිට කිලිනොච්චි බලා ඊයේ දුම්රියෙන් ගමන් කළා. එහිදී අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී ජනතාව කැලම් මැක්රේ ඇතුළු පිරිසට විරෝධය පළ කළා. පසුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කැලම් මැක්රේ ඇතුළු චැනල් ෆෝ මාධ්‍යවේදීන් 06 දෙනෙකු පෞද්ගලික වෑන් රථයකින් කොළඹට පිටත්කර හැරීමට කටයුතු කර තිබුණා. ඒ, පොලිස් ආරක්ෂාවද සහිතවයි. අතරමඟදී චැනල් ෆෝ මාධ්‍යවේදීන් තමන්ට රාත්‍රිය දඹුල්ල ප්‍රදේශයේ ගත කිරීමට අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුවයි කුළී රථ රියදුරු විසින් මොවුන් දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් වෙත රැගෙන ගොස් ඇත්තේ.

අද (14) පෙරවරුවේ කැලම් මැක්රේ ඇතුළු මාධ්‍යවේදීන් පිරිස නැවතත් මෙම වෑන් රථයෙන් කොළඹට පැමිණ තිබෙනවා. අනතුරුව ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී මෙම විදේශ මාධ්‍යවේදීන් වෑන් රථයේ කුළී ගාස්තුව වූ රුපියල් 30,000 ක මුදල ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් වෑන් රථයේ රියදුරුට පවසා ඇත්තේ අදාළ කුළී ගාස්තුව තමන් නවාතැන්ගෙන සිටින හෝටලයෙන් හෝ පොලිසියෙන් අයකර ගන්නා ලෙසයි. ඉන් අනතුරුවයි අනුරාධපුර දෙවන පියවර, සුහද පාර ප්‍රදේශයේ පදිංචි එස්.කේ. සංජීව ද සිල්වා නැමැති මොහු තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු කුළී රථ රියදුරු පැවසුවේ කැලම් මැක්රේ ඇතුළු චැනල් ෆෝ මාධ්‍යවේදීන් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මෙරටට පැමිණි චැනල් ෆෝ නාළිකාවේ නියෝජිතයින්ට විරෝධය පළ කරමින් වව්නියාව නගර මධ්‍යයේ අද විරෝධතාවයක් පැවැත්වුණා.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More