Update : අද රාත්‍රියේ, හෙට සහ අනිද්දා කොළඹ පාර වැසෙන්නේ මෙහෙමයි. - CHOGM 2013

Friday, 15 November 2013 - 8:44

Update+%3A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+CHOGM+2013
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයින් ගමන් කිරීම නිසා අද (15) රාත්‍රි කාලයේත් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත පස්වරු 7 සිට 8 දක්වා සහ 10.30 සිට 11.30 දක්වා වසා තැබෙනු ඇති. පොලීසිය ප්‍රකාශ කළේ කටුනායක අධිවේගී මාර්ගය, කැළණි පාලමේ සිට බේස්ලයින් පාර සහ බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හන්දිය සහ කොල්ලූපිටිය සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා මාර්ගය පස්වරු 7ත්, 8 ත් අතර කාලය තුළ වසා තබන බවයි. විනාඩි 20ක පමණ කාලයක් මෙලෙස මාර්ගය වසා තැබීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. එසේම හෙට (16) දිනයේදී පරණ පාර්ලිමේන්තු වටරවුම, කොල්ලූපිටිය, හෝර්ටන් පෙදෙස ඔස්සේ ජයවර්ධනපුර දක්වා මාර්ගය උදෑසන 7 සිට 8 දක්වා වසා තැබෙනවා. කටුනායක අධිවේගී මාර්ගය, කැළණි පාලමේ සිට බේස්ලයින් පාර සහ බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හන්දිය සහ කොල්ලූපිටිය සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා මාර්ගය, දහවල් 12.30 සිට 1 දක්වා ද පස්වරු 5 සිට 6 දක්වා ද, පස්වරු 7.30 සිට 8.30 දක්වා ද වසා තැබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ අතර, පරණ පාර්ලිමේන්තු වටරවුම, කොල්ලූපිටිය, හෝර්ටන් පෙදෙස ඔස්සේ ජයවර්ධනපුර දක්වා මාර්ගය අනිද්දා (17) දිනයේදී ද උදෑසන 8 සිට 9 දක්වා වසා තැබෙනු ඇති.


Update : Friday, 15 November 2013 - 3:27 PM

------------------------------------------------
රථ වාහන සැලැස්ම.


රාජ්‍ය නායකයන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත ගමන් කිරීම හේතුවෙන් අද (15) පස්වරු 1 පමණ වනතුරු මහින්ද රාජපක්ෂ රඟහලේ සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, මේට්ලන්ඞ් පෙදෙස, බෞද්ධාලෝක මාවතේ සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා මෙලෙස මාර්ගය වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ හැරුණු විට වෙනත් කිසිදු මාර්ගයක් අද දිනය තුළ වසා දැමීමක් සිදුනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

Friday, 15 November 2013 - 1:57 PM
-------------------------------------------------
CHOGM නිසා අදත් පාර වැසේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙල වෙනුවෙන් අද (15) දිනයේත් මාර්ග කිහිපයක් වරින්වර වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අද ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල වෙනුවෙන් පෙරවරු 8.30 සිට 10.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම, අද පෙරවරු 11 සිට දහවල් 12 දක්වා කාලය අතරතුර නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, මේට්ලන්ඞ් පෙදෙස, බෞද්ධාලෝක මාවතේ සිට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා මාර්ගයද වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.


නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More