UPDATE: වීඩියෝ: කැමරන් හමුවීමට ආ ජනතාවගෙන් සම්බන්ධන්ට විරෝධය.

Friday, 15 November 2013 - 15:38

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ නවසීලන්ත විදේශ අමාත්‍ය මරේ මැකුලි අද (15) උතුර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යාපනයට පැමිණීමට පෙර යාපනය - දොරේයප්පා ක්‍රීඩාංගණය අසළ විරෝධතා දෙකක් සංවිධානය කර තිබුණා. එක් විරෝධතාවක් චැනල් ෆෝ නාලිකාවට විරුද්ධව සංවිධානය කර තිබූ අතර අනෙක් විරෝධතාව පැවැත්වුණේ උතුරු පළාත් දෙමළ සන්ධාන මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන්ගේ මූලිකත්වයෙන් අතුරුදන්වූවන් සහ පැහැරගත් පිරිසකගේ ඥාතීන් විසින්. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනයට පැමිණීමෙන් පසු යාපනය පුස්තකාලයේ දී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවුණා. දේශීය මාධ්‍යවේදීන්ට විවෘත නොවූ මෙම සාකච්ඡාවට චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදියෙකු ද සහභාගි වී සිටියා.

එම අවස්ථාවේදී යාපනය - දොරේයිඅප්පා ක්‍රීඩාංගණය අසළ විරෝධතාවයේ නිරත වූ අතුරුදන්වූවන්ගේ සහ පැහැර ගත් පිරිසකගේ ඥාතීන් යාපනය පුස්තකාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා. මෙහිදී සාකච්ඡාව අවසන් වීමෙන් පසු පිටතට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ද උද්ඝෝෂකයන්ගෙන් විරෝධය පළ වුණේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින්. පසුව ඔහු එම ස්ථානයෙන් පිටතට ගියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.                                      

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට පැමිණියා. එහි හිමිකරු වන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන් සමග ද එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කෙටි පිළිසදරක යෙදී තිබෙනවා. පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැමිණියේ චුන්නාක්කම් සභාපතිපිල්ලෙයි සුබසාධන කඳවුර නිරීක්ෂණය කිරීමටයි. මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග පැමිණි බ්‍රිතාන්‍ය මාධ්‍ය කණ්ඩායම ද එම ස්ථානයට පැමිණි අතර ඊට චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදියෙකු ද ඇතුළත්. අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට සංදේශයක් භාර දී තිබෙනවා.

 
නවසීලන්ත විදේශ අමාත්‍ය මරේ මැකුලි ද අද (15) යාපනයට පැමිණ උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී තිබෙනවා. මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුවයි නවසීලන්ත විදේශ අමාත්‍යවරයා යාපනයට පැමිණියේ. මුලතිව් හිදී කිරි ශීතාගාරයකට මුල් ගල තැබූ ඔහු ප්‍රදේශයේ ගොවීන්ට ගවයන් ද බෙදා දී තිබෙනවා.





[JPG]71440[/JPG]



UPDATE: Friday, 15 November 2013 - 13:22
-------------------------------------------------------


බ්‍රිතාන්‍ය අගමැති යාපනයට.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ වන විට උතුරේ සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඔහු උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවුණේ යාපනය පුස්තකාලයේදියි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යාපනයේ පිහිටි උදයන් පුවත්පතේ කාර්යාලය ද නිරීක්ෂණය කළා. ඔහු පැමිණෙන අවස්ථාවේ යාපනය පුස්තකාලය ඉදිරිපිට අතුරුදන්වූවන් පිළිබද සොයා බලන ලෙස ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් උද්ඝෝෂණයක ද නිරත වුණු බවයි එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඩ් කැමරන් අද (15) පස්වරුවේ වලිකාමම් උතුර ප්‍රදේශයේ ද සංචාරක නිරත වීමට නියමිතයි.





මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More