චැනල් ෆෝ මැක්රේට කොළඹ දී ප්‍රශ්න වැළක්.

Friday, 15 November 2013 - 16:25

%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%8A.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් විසින් සාමාන්‍ය ජනතාවට සිදුකළ වධ හිංසා පිළිබදව ද චැනල් ෆෝ නාලිකාව කරුණු හෙළි කළ බව එහි අධ්‍යක්ෂ කැලම් මැක්රේ ප්‍රකාශ කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පොදුරද මඩුලූ මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්. එම ස්ථානයට පැමිණි ඔහුට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවුණා. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර හිමි වීම නිසා තමන් ඇතුළු කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සදහා දිවයිනට පැමිණි බවයි. එහෙත් තමන් ඇතුළු පිරිසට උතුරේ සංචාරය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ද කැලම් මැක්රේ කියා සිටියා.


Update: Friday, 15 November 2013 - 6.54 PM
--------------------------------------------------------

මාධ්‍යවේදීන් මැක්රේ වට කර ගනී.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි පොදුරද මඩුලූ මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණි චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේට ප්‍රශ්න රැසකට පිළිතුරු දීමට සිදුවුණා. ඒ, එම ස්ථානයේ සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඔහු පැමිණීමත් සමග ඔහුගෙන් විවිධ ප්‍රශ්න විමසීම හේතුවෙන්. ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කළ වීඩියෝපට සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඔහුගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබෙනවා.