ඉන්දියාවට සිදුවූ උපාය මාර්ගික අත්වැරැද්දක් මෙන්න.

Friday, 15 November 2013 - 19:28

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගී නොවීම ඉන්දියාවට උපායමාර්ගික වශයෙන් සිදු වූ අත්වැරදීමක් බව ‘ද ඩිප්ලොමැට්’ වෙබ් අඩවිය පවසනවා. සමුළුවට අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීමට ගත් තීරණය පටු අභ්‍යන්තර අරමුණු මූලික කර ගනිමින් ජාතික මට්ටමේ අරමුණු පසෙක දැමීමක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඉන්දීය උප මහද්වීපයේ දෛවය රඳා පවතින්නේ එහි රටවල් අතර පවතින සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය මත බවට පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වා ඇති එම වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ප්‍රකාශයම අවතක්සේරු කර ඇති බවද සඳහන් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං තමිල්නාඩුවේ බලපෑම්වලට නතුවී ඇති බවටද ‘ද ඩිප්ලොමැට්’ වෙබ් අඩවිය චෝදනා කළා.
 
මේ අතර, බී.බී.සී. පුවත් සේවය අද (15) වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය ඉතා වර්ණවත් අයුරින් පැවති බවයි. එය ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට සිදුකරන වෑයමක් ලෙසද ඔවුන් හඳුන්වා තිබුණා.


නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More

කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය
Thursday, 28 May 2020 - 11:10

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට... Read More