බ්‍රිතාන්‍ය සරසවියේ සමරු ඵලකය නිරාවරණය වෙයි.

Saturday, 16 November 2013 - 18:54

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B5%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉදිකිරීම නියමිත බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලය සඳහා වන සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදීයි. එම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩලීය සබඳතා පිලිබඳ රාජ්‍ය ලේකම් විලියම් හේග් එක්ව සිටියා. එහිදී මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මධ්‍යම ලැන්කෂයර් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලය සඳහා වන සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන වෙළඳ කලාප නවතා දමන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද දිවයිනේ නගර 5 ක උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබුණා. ඒ මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල සහ රත්නපුර නගරවලයි. එහෙත්, මහනුවර පැවති විරෝධතාවය පවත්වා සුළු වේලාවකින් විශ්වවිද්‍යාල සිසුන්ට විසිර යාමට සිදුවුණේ පොලිසිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් හේතුවෙන්.  
 
මධ්‍යම ලැන්කෂයර් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලය සඳහා වන සමරු ඵලකය ද නිරාවරණය කිරීමේ උත්සවයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී එක්වෙමින් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ ඉදිරි ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා රටේ උගත් තරුණ පරපුරක් සිටිය යුතු බවයි.


පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී තුවාල ලැබූ ඝාතන සැකකරු මියයයි
Friday, 05 June 2020 - 15:47

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More