වීඩීයෝ : බ්‍රිතාන්‍යයට පමණක් ශ්‍රී ලංකාවට එරෙහි වෙන්න බෑ. රජය CHOGM 2013

Saturday, 16 November 2013 - 19:31

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.++%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+CHOGM+2013
බ්‍රිතාන්‍යයට පමණක් ශ්‍රී ලංකාවට එරෙහිව තනි තීරණයක් ගත නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද ප්‍රකාශ කළා. ඒ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ද අද උදෑසන මාධ්‍ය හමුවක්  කැඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සහය වන බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, ඩග්ලස් දේවානන්දා ද එක්ව සිටි මාධ්‍ය හමුවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා සිටියා. ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍යයට පමණක් ශ්‍රී ලංකාවට එරෙහිව තනි තීරණ ගත නොහැකි බවයි.
 
මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අද පෙරවරුවේ සුපිරි දඟපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමගද සාකච්ඡා කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඔහු දිවයිනට පැමිණියේ ඊයේ අලූයමයි. අද පස්වරු 1 ට පමණ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.




ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි  (වීඩියෝ)
Saturday, 30 May 2020 - 13:04

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක... Read More