වීඩීයෝ: Update : කඹුරුපිටියේ ඝාතනය සෙවීමට තවත් අමතර පොලිස් කණ්ඩායම් 2 ක්.

Sunday, 17 November 2013 - 7:52

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%8A.
මාතර - කඹුරුපිටිය - මාස්මුල්ල - උල්ලල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඊයේ (17) සිට තවත් අමතර පරීක්ෂණ කණ්ඩායම් 2 ක් යොදවා තිබෙනවා. ඒ අනුව, පරීක්ෂණ කණ්ඩායම් 8 ක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ. පෙරේදා රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මාතර - කොට්ඨාශ දුෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳයි.

 
මෙම පොලිස් කොස්තාපල්වරයා මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන අංශය විසින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ මත්කුඩු වැටලීම් ඇතුළු මෙහෙයුම්වලට සම්බන්ධ වූ නිලධාරියෙකු බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මෑතකදී මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකය විසින් සිදුකළ දකුණු පළාතේ විශාලම මත්කුඩු වැටලීමට ද මොහු දායකත්වය දක්වා තිබෙනවා. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ රාජකාරී නිම කර යළි නිවස වෙත පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා. නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණිය තුවාල ලබා ඇති අතර අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

Update : Monday, 18 November 2013 - 7:53
--------------------------------------------------------------------------------------
පොලිස් කොස්තාපල් ඝාතනයට හේතුව ?


මාතර - කඹුරුපිටිය - මාස්මුල්ල - උල්ලල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය රාජකාරීමය හේතුවක් මත සිදුකළ එකක් බවට සැකකරන බව පොලිසිය පවසනවා. ඊයේ (16)රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මාතර - කොට්ඨාශ දුෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳයි. මෙම පොලිස් කොස්තාපල්වරයා මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන අංශය විසින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ මත්කුඩු වැටලීම් ඇතුළු මෙහෙයුම්වලට සම්බන්ධ වූ නිලධාරියෙකු බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මෑතකදී මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකය විසින් සිදුකළ දකුණු පළාතේ විශාලම මත්කුඩු වැටලීමට ද මොහු දායකත්වය දක්වා තිබෙනවා. කෙසේ වෙතත්, ඊයේ (16) රාත්‍රියේ රාජකාරී නිම කර යළි නිවස වෙත පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා. නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණිය තුවාල ලබා ඇති අතර අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් කණ්ඩායම් 6ක් යොදවා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.



Sunday, 17 November 2013 - 7:44 PM
--------------------------------------------------------------------

මාතර - කඹුරුපිටිය, මාස්මුල්ල - උල්ලල ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (16) රාත්‍රී අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

 
ඊයේ රාත්‍රීයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මාතර කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳයි. ත්‍රිරෝද රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ නිවසේ සිටි අවුරුදු දෙකහමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණිය ද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන්ගේ අවුරුදු 6 ක් වයසැති අනෙක් පිරිමි දරුවා නිවසෙන් පළාගොස් තිබෙනවා.

 Sunday, 17 November 2013 - 12:39 PM
---------------------------------------
මාතර - කඹුරුපිටියේ නිවසක් තුළ අඹු සැමි යුවලක් ඝාතනය කෙරේ.


මාතර - කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී අඹු සැමි යුවලක් අද (17) අලූයම ඝාතනය කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ. එම අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිට ඇති අතර ඉන් එක් දරුවෙකුට බරපතල ලෙස පහරදීම නිසා ගාල්ල - කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙක් දරුවා එම අවස්ථාවේදී නිවසෙන් පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ. කඹුරුපිිටිය පොලීසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි සඳහන් කළා.
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.  ඝාතනයට ලක්වූ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාගේ මෘත දේහය කඹුරුපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර 30 හැවිරිදි බිරිඳගේ මෘතදේහය ගාල්ල - කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.


නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 10:40

නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලගොස් තිබෙනවා.ඒ... Read More

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට ලැබෙන විශේෂ සහනය
Thursday, 04 June 2020 - 10:36

ද ෆිනෑන්ස් සමාගම ඈවර කිරීමේ කටයුතු කෙරෙන තෙක් සමාගමේ සියලුම... Read More

ආදායම් බදු, දඩ සහනයට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
Thursday, 04 June 2020 - 10:24

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදී එනම් 2020 ජුනි මස... Read More