වීඩීයෝ :Update : හාරගම අනතුරින් 5 ක් මරුට. - 15 ක් රෝහලේ.

Sunday, 17 November 2013 - 9:25

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate+%3A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
මහනුවර - රන්දෙණිගල ප්‍රධාන මාර්ගයේ හාරගම ප්‍රදේශයේ අද (17) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි. බදුල්ලේ සිට කටුගස්තොට බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මහනුවර සිට හාරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු, පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙක්.

 
පොලිසිය සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තකට ගොස් නැවත කටුගස්තොට බලා එමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කටුගස්තොට - ගොහාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. 




















ඡායාරූප : රංජිත් රාජපක්ෂ සහ චන්දන උඩුවාවල

Update : Sunday, 17 November 2013 - 12:37 PM
-----------------------------------------------
මහනුවර - රන්දෙණිගල මාර්ගයේ රිය අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට.


මහනුවර - රන්දෙණිගල ප්‍රධාන මාර්ගයේ හාරගම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි. බදුල්ලේ සිට කටුගස්තොට බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මහනුවර සිට හාරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙක්.


තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්තවී තිබෙනවා.... Read More

දෙමළ සන්ධානය යළිත් ආණ්ඩුව සමඟ, සාකච්ඡාවකට සැරසේ
Saturday, 30 May 2020 - 13:10

රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අවධානය... Read More