වීඩීයෝ: ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබලා. - ඕස්ට්‍රේලියානු අගමැති.

Sunday, 17 November 2013 - 12:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් සහ සශ්‍රීකත්වයක් පෙන්නුම් කර ඇති බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ප්‍රකාශ කළා. කොළඹ වරායේ නවතා ඇති නාවික හමුදාවට අයත්  සාගර නෞකාවට අද උදෑසන පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කියා සිටියේ බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට එරට පුරවැසිභාවය ලබා නොදෙන බවයි. මිනිස් ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරන කාර්යභාරය ඇගයීම සඳහායි  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සයුර නෞකාව වෙත පැමිණියේ. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ද එක්ව සිටියා.

 

 ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවේදී නතර කිරීම සඳහා මුර සංචාර යාත්‍රා දෙකක් ලබාදීමට ද  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මිනිස් ජාවාරම් මැඩලීමට අත්සන් තැබෙන නව ගිවිසුමකට අනුවයි. මෙම එකඟතාව අනුව ජාත්‍යන්තර මුහුදු තීරයේදී හෝ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනෙන සංක්‍රමණික බෝට්ටු නැවත වහාම ශ්‍රී ලංකාව වෙත යොමු කෙරෙනු ඇති. නව මුර සංචාර යාත්‍රා දෙක  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් විසින් කොළඹ වරායේදී අද සංකේතවත් ලෙස භාරදෙනු ලැබුවා.

























ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමක්
Tuesday, 26 May 2020 - 13:14

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් අද දක්නට... Read More

සමගි ජන බලවේගය විගණකාධිපති හමුවෙයි
Tuesday, 26 May 2020 - 13:09

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද විගණකාධිපතිවරයා... Read More

වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මේ වන... Read More