රුපියල් 30,000 ගෙවා චැනල් ෆෝ සමථයකට පත්වේ.

Sunday, 17 November 2013 - 19:07

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+30%2C000+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.
චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැක්රේ පැහැර හරින ලද කුලී රථ ගාස්තුව ගෙවා දමා තිබෙනවා. පසුගිය දා කැලම් මැක්රේ ඇතුළු පිරිසක් දුම්රියෙන් උතුරු ප්‍රදේශයට යමින් සිටියදී අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඔවුන්ට එරෙහිව මහජන විරෝධතාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව කැලම් මැක්රේ ඇතුළු චැනල් ෆෝ මාධ්‍යවේදීන් පිරිස නැවතත් කොළඹට හරවා එවුණේ කුලී වෑන් රථයකින්. කැලම් මැක්රේ ඇතුළු පිරිස කොළඹට පැමිණ අදාළ වෑන් රථයේ කුලී රථ ගාස්තුව වූ රුපියල් 30,000ක මුදල ලබා නොදුන් බවට එම වෑන් රථයේ රියදුරු කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එහෙත් අදාළ කුලී රථ ගාස්තුව ගෙවා දැමීමට පසුව චැනල් ෆෝ මාධ්‍යවේදී කැලම් මැක්රේ එකඟතාව පළ කර තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ අදාළ මුදල ගෙවා ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ.


2021 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More