වීඩීයෝ : Update :කැලම් මැක්රේගෙන් තවත් පොල්ලක්.

Sunday, 17 November 2013 - 22:34

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
හිරු ටී.වී. ඔස්සේ ඊයේ (17) රාත්‍රියේ විකාශය කිරීමට නියමිතව තිබූ බලය විශේෂ වැඩසටහන අත්හිටුවීමට හිරු  ටී.වී ආයතනය තීරණය කළා. ඊට හේතු වූයේ එම වැඩසටහන සඳහා කැමැත්ත පළ කර සිටි බ්‍රිතාන්‍ය චැනල් ෆෝ මාධ්‍යවේදීන් අවසන් මොහොතේ ඊට එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. චැනල් ෆෝ මාධ්‍යවේදීන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට මෙරටට පැමිණීමත් සමග ඔවුන් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පට පිළිබඳව යළි කතාබහක් ඇතිවුණා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය හමුවේ විනාශ කළ චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට එරෙහිව සිවිල් සමාජය තුළ විරෝධතා මතුවූයේ මේ පසුබිම තුළයි. මේ අනුව, තුළ චැනල් ෆෝ මාධ්‍යවේදීන් වන කැලම් මැක්රේ සහ ජොනතන් මිලර් මෙරට පුවත් මවන්නන් බවට පත්වුණා.

සමබර මාධ්‍යකරණයේ ශ්‍රී ලාංකීය සලකුණ වන හිරු ටී.වී, ඒ අනුව, සජීවි රූපවාහිනි සංවාදයකට චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට ආරාධනා කළා. ඔවුන් එම ආරාධනාව පිළිගැනීමත් සමගයි බලය විශේෂ වැඩසටහන සඳහා පසුබිම සැකසුණේ. හිරු ටී.වී මැදිරිය ඊට සූදානම් වන අතුරතුර කැලම් මැක්රේ බලය විශේෂ සජීවි වැඩසටහනට එක්වීම හදිසියේම මෙලෙස ප්‍රතික්ෂේප කළා.

මෙම වැඩසටහනට එක්වීමට සූදානම්වී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අභියෝගයක් ද එල්ල කළා. ඔහු සඳහන් කළේ දෙස් විදෙස්  ඕනෑම මාධ්‍ය ආයතනයක් සමග තමන් සංවාදයකට සූදානම් බවයි.

ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු ද අදහස් පළ කරමින් සඳහන් කළේ කැලම් මැක්රේ ජනතාව මඟ හැරීම සඳහා මෙය සිදුකර ඇති බවයි.

මෙරට මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දිගින් දිගටම ප්‍රශ්න කළ චැනල් ෆෝ නාලිකාව හිරු ටී.වී. ඔස්සේ මෙරට ජනතාවට කරුණු පැහැදිලි කිරීමට දුන් අවස්ථාව මග හැර පලාගියේ චැනල් ෆෝ මාධ්‍ය සංස්කෘතිය යළි තහවුරු කරමින්.

Update : Monday, 18 November 2013 - 7:59
-------------------------------------------------------------------------------
කැලම් මැක්රේ සාකච්ඡාව ප්‍රතික්ෂේප කරයි...

Sunday, 17 November 2013 - 22:34

හිරු ටී.වී. ඔස්සේ අද රාත්‍රියේ විකාශය කිරීමට නියමිතව තිබූ බලය විශේෂ වැඩසටහන අත්හිටුවන්නට හිරු ටී.වී. ආයතනය තීරණය කළා.
ඊට හේතු වූයේ එම වැඩසටහන ස‍ඳහා එක්වීමට කැමැත්ත පළ කර සිටි බ්‍රිතාන්‍ය චැනල් ෆෝ මාධ්‍යවේදීන් අවසන් මොහොතේ වැඩසටහනට එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාවේ මාධ්‍යවේදීන් පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට පසුගියදා මෙරටට පැමිණියා. ඒ සමග ශ්‍රී ලංකාවට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීව නිෂ්පාදනය වූ  චැනල් ෆෝ වීඩියෝ පට පිළිබද කථිකාවත නැවතත් කරළියට පැමිණියා. එමෙන්ම මෙරට සමාජයෙන්ද චැනල් 4 මාධ්‍යෙව්දීන්ට විරෝධතාවක් මතුවුණේ එම චිත්‍රපට හරහා මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ විනාශකිරීමට දැරූ උත්සාහය හේතුවෙන්. මේ නිසාම පසුගිය දින කිහිපය තුළම චැනල් ෆෝ මාධ්‍යවේදීන් වන කැලම් මැක්රේ සහ ජොනතන් මිලර් මෙරට පුවත් මවන්නන් බවට පත්වුණා. rn

            සමබර මාධ්‍යකරණයේ ශ්‍රී ලාංකීය සලකුණ වන හිරු ටී.වී. අපි ඔවුන්ට සජීවි රූපවාහිණි සංවාදයකට ආරාධනා කළා. ඔවුන් එම ආරාධනය පිළිගත්තා. ඒ අනුවයි,බලය
විශේෂ වැඩසටහන සදහා පසුබිම සැකසුණේ. හිරු ටී.වී. මැදිරිය වැඩසටහන සදහා සූදානම් වන අතරතුර කැලම් මැක්රේ මෙම වැඩසටහනට එක්වීම හදිසියේම ප්‍රතික්ෂේප කළා. චැනල් ෆෝ නාළිකාව මෙරට මාධ්‍ය නිදහස හා අදදහස් ප්‍රකාශකිරීමේ අයිතිය දිගින් දිගටම ප්‍රශ්න කළා.නමුත් හිරු ටී.වී. එස්සේ මෙරට ජනතාවට කරුණු පැහැදිළි කිරීමට දුන් අවස්ථාව සලසා දෙන විට ඔවුන් සිදු කළේ, එම අවස්ථාව මඟ හැර පළා යාමයි.




තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More