Update :වීඩියෝ: නින්දවූර් සිද්ධියේ 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

Monday, 18 November 2013 - 10:29

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%80%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.
නින්දවූර් නොසන්සුන්තාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනාගෙන් 14 දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙහිදී වයස අවුරුදු 18 ට අඩු සැකකරුවන් 6 දෙනෙකු සහ මානසික රෝග තත්ත්වයෙන් පෙළුනු පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමටයි සමන්තුරේ ප්‍රධාන මහේස්ත්‍රාත් ටී. කරුණාකරන් නියෝග කළේ. ටයර් පුළුස්සා මහා මාර්ගයට හානි කිරීම, මහ ජනතාවට අයුතු අවහිර සිදුකිරීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකරුවන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කෙරෙන්නේ.

 
පසුගිය 18 වැනිදා රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමිනුයි ප්‍රදේශවාසීන් 19 වැනි දින උදෑසන සිට කල්මුණේ අක්කරෙයිපත්තුව මාර්ගය නින්දවූර් ප්‍රදේශයෙන් හරස් කරමින් විරෝධතාවයක නිරත වුණේ. පසුව පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට පෙරේදා කටයුතු කළා.

UPDATE: Thursday, 21 November 2013 - 7:39 AM

--------------------------------------------------
නින්දවූර් සිද්ධියට 21 ක් අත්අඩංගුවේ.

කල්මුණේ - අක්කරෙයිපත්තුව - නින්දවූර් ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ සහ ඒවා මෙහෙයවූ සැකකරුවන් 21 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. යතුරු පැදි 8 ක් සහ පාපැදි 20 ක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ටයර් පුළුස්සා මහා මාර්ගයට හානි කිරීම, මහ ජනතාවට අයුතු අවහිර සිදුකිරීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ සිට විරෝධතාවක නිරත වූ නින්දවූර් ප්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද විසුරුවා හැරියා. පෙරේදා රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමිනුයි ප්‍රදේශවාසීන් ඊයේ උදෑසන සිට විරෝධතාවයක නිරත වුණේ.
 
මේ අතර, ජාතික නිදහස් පෙරමුණ කොළඹ දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්ද නින්දවූර් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ආරක්ෂක අංශ සහ සිවිල් වැසියන් අතර ගැටුම් ඇති කර යළි බෙදුම්වාදය බිහිකිරීමේ උත්සාහයන් පරාජය කළ යුතු බවයි.





Tuesday, 19 November 2013 - 7:05 PM
---------------------------------------------------------------------------------------------
නින්දවූර් විරෝධතාවය සම්බන්ධයෙන් 21 දෙනෙකු අත්අඩංගුවට.

කල්මුණේ - අක්කරෙයිපත්තුව - නින්දවූර් ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ සහ ඒවා මෙහෙයවූ සැකකරුවන් 21 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. යතුරු පැදි 8 ක් සහ පාපැදි 20 ක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. ටයර් පුළුස්සා මහා මාර්ගයට හානි කිරීම, මහ ජනතාවට අයුතු අවහිර සිදුකිරීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ සිට විරෝධතාවක නිරත වන නින්දවූර් ප්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද (19) විසුරුවා හැරියා. පෙරේදා රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමිනුයි ප්‍රදේශවාසීන් ඊයේ (18) උදෑසන සිට විරෝධතාවයක නිරතවුණේ.


Tuesday, 19 November 2013 - 3:26 PM
-------------------------------------------------
නින්දවූර් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්. - 14 ක් අත්අඩංගුවට.

කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ (18) සිට විරෝධතාවක නිරත වන නින්දවූර් ප්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ ඊයේ උදෑසන සිට පැය 24කට වැඩි කාලයක් අවහිරව පැවැති කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය මේ වන විට ගමනාගමන කටයුතු සදහා විවෘතව ඇති බවයි. කෙසේ වෙතත්, අතුරුමාර්ගවල විරෝධතාකරුවන් රැදී සිටින බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

 

පෙරේදා (17) රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ (18) උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කළා.

 
කෙසේ වෙතත්, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළා.



[JPG]71608_1[/JPG]
[JPG]71608_2[/JPG]
[JPG]71608_3[/JPG]
[JPG]71608_4[/JPG]
[JPG]71608_5[/JPG]
[JPG]71608_6[/JPG]
[JPG]71608_7[/JPG]
[JPG]71608_8[/JPG]
[JPG]71608_1[/JPG]
[JPG]71608_10[/JPG]


Tuesday, 19 November 2013 - 1:16 PM
------------------------------------------------------------------
කල්මුණේ - අක්කරෙයිපත්තුව ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි.


නින්දවූර් ප්‍රදේශයේ ජනතාව විසින් ඊයේ (18) සිට අවහිර කර තිබූ  කල්මුණේ - අක්කරෙයිපත්තුව ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා. අද (19) පෙවරුවේ විරෝධතාවයේ නිරත වූ ජනතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හරිනු ලැබුවා. කෙසේ වෙතත්, අතුරුමාර්ගවල විරෝධතාවයට එක්වූ ඇතැම් පිරිස් රැදී සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සදහන් කළේ.

Tuesday, 19 November 2013 - 11:31
-------------------------------------------------------------------

කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගයේ විරෝධතාවයේ නිරත වන පිරිස විසුරුවා හැරේ.

කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ (18) සිට විරෝධතාවක නිරත වන නින්දවූර් ප්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා. පෙරේදා (17) රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.




Tuesday, 19 November 2013 - 10:08
-------------------------------------------------------------------
නින්දවූර් ජනතාව තවමත් මහ පාරේ.  - වාසුගෙන් ජනපතිට ලිපියක්.

අක්කරෙයිපත්තුව - නින්දවූර් ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මෙම තත්ත්වය පැහැදිලි කළ බවයි. පෙරේදා (17) රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළකර ඇති බවයි මූලික  පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. අක්කරෙයිපත්තුව - කල්මුණේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් නින්දවූර් ප්‍රදේශවාසීන් ඊයේ (18) සිට මේ දක්වා විරෝධතාවයක ද නිරත වනවා.

සිද්ධියට සම්බන්ධ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විනය විරෝධීව හැසිරී ඇද්දැයි අම්පාර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

UPDATE: Tuesday Tuesday, 19 November 2013 - 8:16
-------------------------------------------------------------------
නින්දවූර් ප්‍රදේශවාසීන් විරෝධතාවක.

අක්කරෙයිපත්තුව - කල්මුණේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් නින්දවූර් ප්‍රදේශවාසීන් අද (18) උදෑසන ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති අතර සාමාන්‍ය ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ. ඊයේ රාත්‍රියේ මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇතිවුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළකර ඇති බවයි මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. පසුව තත්ත්වය පාලනය කිරීමට සමන්තුරේ පොලීසියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් විසින් සමන්තුරේ පොලිසියේ නිලධාරීන්ට පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

මෙම ගැටුමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් නින්දවූර් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා. ප්‍රදේශවාසීන් මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා සමන්තුරෙයි පොලිස් ස්ථානයෙහි මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. එම සාකච්ඡාව සදහා ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානීන්, ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගි වී සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

Update Monday, 18 November 2013 - 07:14
-------------------------------------------------------------------
අක්කරෙයිපත්තුව - කල්මුණේ මාර්ගය හරස් කර ජනතා විරෝධයක්.

අක්කරෙයිපත්තුව - කල්මුණේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් නින්දවූර් ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවයක නිරතවනවා. මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති අතර සාමාන්‍ය ජන ජීවිතයට ද බාධා එල්ලවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇතිවුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළකර ඇති බවයි මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. පසුව තත්ත්වය පාලනය කිරීමට සමන්තුරේ පොලීසියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් විසින් සමන්තුරේ පොලිසියේ නිලධාරීන්ට පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ. මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු සමන්තුරේ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
 
සමන්තුරේ - නින්දවූර් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් අතර හටගත් ගැටුම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.




Update Monday, 18 November 2013 - 12:45
-------------------------------------------------------------------
අක්කරෙයිපත්තුව - කල්මුණේ මාර්ගය හරස් කර ජනතා විරෝධයක්.

Monday, 18 November 2013 - 10:29

අක්කරෙයිපත්තුව - කල්මුණේ මාර්ගය හරස් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරතවනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ මුර සංචාරක කටයුතු සඳහා සමන්තුරේ - නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙම ගැටුම ඇතිවූ ස්ථානයට සමන්තුරේ පොලීසියේ නිලධාරීන් ද පැමිණ ඇති අතර එහිදී ගම්වාසීන් විසින් පොලීසියට පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අදාළ සිද්ධියට මුල්වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් පිරිසක් මුර සංචාරයට එක්ව සිටීම බවයි ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වී ඇත්තේ. ඊට විරෝධය පළ කරමින් මෙලෙස නින්දවූර් ප්‍රදේශවාසීන් කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරතවනවා.


ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 6:49

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර... Read More

දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Saturday, 06 June 2020 - 6:19

සමස්ත දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) අලුයම 4.00ට ඉවත් කෙරුණා.අද... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More