ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් ඉල්ලූ කැමරන්ට කෙන්යාවෙන් පිළිතුරු.

Monday, 18 November 2013 - 12:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.
22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව අවසන්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය තුළ පළව තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ රට තුළින්ම සැදුම් ලබන විසඳුමක් මිස විදේශයන්ගෙන් ආනයනය කරන විසඳුම් ශ්‍රී ලංකාවට නොගැළපෙන බව කෙන්යාවේ විදේශ ඇමතිනි අමීනා මොහොමඞ් පවසනවා. ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  ඬේවිඞ් කැමරන් පසුගියදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සහය වන බව ඬේවිඞ් කැමරන් පසුගියදා ප්‍රකාශ කළා.  ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් වැඩිදුරටත් කෙන්යානු විදේශ අමාත්‍යවරිය කියා සිටියේ ශ්‍රී ලංකාවට තර්ජනය කිරීමෙන් පළක් නොවන බවයි. වර්තමානයේ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සංවර්ධනය අගය කරන බවත් රට මේ වනවිට නිවැරදි මාර්ගයේ ගමන් කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගේ ප්‍රකාශය අනුමත කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් කියා සිටියේ අදාළ කාලසීමාව තුළ මානව හිමිකම් චෝදනා පිළිබඳව පරීක්ෂණයක් සිදු නොකළහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වූයේ නම් එහිදී වැඩි අවධානයක් ඔහු වෙත යොමුවීමට ඉඩ තිබූ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ද හින්දු පුවත්පත වෙත සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මන්මෝහන් සිං සමුළුවට එක් නොවීම පිළිබඳව කණගාටු වන බවයි.  ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව කථා කිරීම සම්බන්ධයෙන් හින්දු මාධ්‍යවේදියා මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සමහර රටවල් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළද  ඕස්ට්‍රේලියාව, මලයාසියාව සහ සිංගප්පූරුව ඇතුලූ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග සිටින බවයි. 

මේ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් හඩක් මතුකිරීම වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වූ බව එරට මධ්‍යම රජයේ නාවික කටයුතු ඇමති ජී.කේ. වාසන් පවසනවා. ඊයේ බැංගලෝර් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කෝටි 8 කට අධික ලෝකවාසී දෙමළ ජනතාවගේ හඩට ගරු කරමින් ඉන්දියානු අගමැති මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවූ බවයි. එහෙත් ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අයිතීන්, ජීවන තත්ත්වය සහ සංවර්ධනය පිළිබඳ දැඩි අවධානයකින් සිටින බවද ඔහු සඳහන් කළා.
 
පසුගිය වසර 5 තුළ ඉන්දියානු රුපියල් කෝටි 45 000 කට අධික මුදලක් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැයකර ඇති බවද ඉන්දියානු මධ්‍යම රජයේ නාවික කටයුතු අමාත්‍ය ජී.කේ. වාසන් මෙම මාධ්‍ය හමුවේදී පවසා තිබෙනවා.


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More

මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More