UPDATE: වීඩියෝ: මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය විවෘත කෙරේ.

Monday, 18 November 2013 - 17:03

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
රජයට කුමන චෝදනා නැගුවත් ශ්‍රී ලංකාව ලබා තිබෙන දියුණුව සියලූ දෙනා පිළිගත යුතු සත්‍යයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන්  දෙමටගොඩ ඉදිකළ  මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට දියුණුව පිළිගත නොහැකි ඇතැම් පිරිස් රජයට යුධ අපරාධ චෝදනා ගෙන ඒමට උත්සාහ දරණ බවයි. මෙරට සෑම කටයුත්තක් පිටුපසම රාජපක්ෂවරුන් සිටින බවට විදෙස් මාධ්‍ය ලෝකය තුළ මතයක් ගොඩ නගමින් රාජපක්ෂවරුන් රටේ පාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරුවත් මෙරට ජනතාවගෙන් ඊට කිසිදා ඉඩක් නොලැබෙන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ. වෛරයෙන් තොරව සාමයෙන් ජීවත් විය හැකි රටක් රජය නිර්මාණය කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මෙරටට පැමිණි රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහත් ආඩම්බරයෙන් යුතුව අදහස් පළ කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
 
මෙම අවස්ථාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.





එහිදි පාර්ලිමෙන්තු මන්ත්‍රී  අර්. දුමින්ද සිල්වා මහතා කල කථාව පහතින්





UPDATE Tuesday, 19 November 2013 - 8:16
--------------------------------------------------
මිහිඳුසෙන්පුර, ජනපති අතින් ජනතා අයිතියට.

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම්ලාභීන්ට නිවාස ලබාදීම වෙනුවෙන් ඉදිකළ දෙමටගොඩ - මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය අද (18) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ කොළඹ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේයි මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරුණේ. කොළඹ ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 70,000ක ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙසයි නිවාස 500 කින් සමන්විත මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ. දෙමටගොඩ - ආරාම පාර, දෙමටගොඩ දුම්රිය නිවාස, කාසල් වීදිය සහ නාරාහේන්පිට වතු නිවාසවල ජීවත් වූ අඩු ආදායම්ලාභී ජනතාවට මෙහි නිවාස හිමි වනවා. මේ වන විටත් මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටිනවා. 




[JPG]71631_1[/JPG]
[JPG]71631_2[/JPG]
[JPG]71631_10[/JPG]
[JPG]71631_3[/JPG]
[JPG]71631_9[/JPG]
[JPG]71631_4[/JPG]
[JPG]71631_11[/JPG]
[JPG]71631_12[/JPG]
[JPG]71631_13[/JPG]
[JPG]71631_5[/JPG]
[JPG]71631_6[/JPG]
[JPG]71631_7[/JPG]



Update : Monday, 18 November 2013 - 6.50 PM
------------------------------------------------------

මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය ජනතා අයිතියට.

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම්ලාභීන්ට නිවාස ලබාදීම වෙනුවෙන් ඉදිකළ දෙමටගොඩ - මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එම අවස්ථාවට සහභාගි වනවා. එහි උත්සව කටයුතු මේ වනවිටත් පැවැත්වෙන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More