කැමරන්ගේ වැඩ හොඳයි. - ජී.කේ. වාසන්.

Monday, 18 November 2013 - 18:40

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ශ්‍රී ලංකාවේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ප්‍රශංසනීය බව ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ චෙන්නායි නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වුවත්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් තමාට ලැබුණු අවස්ථා කිහිපයක් මඟ හැරි බවටයි ඉන්දීය නාවික අමාත්‍යවරයා චෝදනා කරන්නේ. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යවරුන් දැනුවත් කිරීමට තිබූ අවස්ථාව ඔහු විසින් පැහැර ඇති බවට අමාත්‍ය ජී.කේ. වාසන් චෝදනා කළා.  

මේ අතර, ඉන්දියාවේ පළ වන ඒෂියන් ඒජ් පුවත්පත පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු රජය සතුව තිබූ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටළුව සොරා ගත් බවයි.

කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී නොමග යවා ඇති බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. චැනල් ෆෝ නාලිකාව සමග පසුගිය දා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
 
‘‘ඬේවිඞ් කැමරන්ව සම්පූර්ණයෙන්ම නොමග ඇරලා. ඔහු මින් පෙර ලංකාවට ඔහුගේ තරුණ කාලේ හරි ඇවිල්ලා තියෙනවද මම දන්නේ නෑ. නමුත් පළමු වරටයි ඔහු උතුරට ගියේ. 25ක් 30ක් දෙමව්පියෝ ඇවිත් පෝස්ටර් පෙන්නුවා කියලා ඒ කතා විශ්වාස කරන්න පුළුවන් ද? 80 ගණන්වල මගේ ගේත් ගිනි තිබ්බා. ඒවා මට ප්‍රශ්නයක් නෙමෙයි. ජාතීන් දෙකක් අතර සංහිදියාවක් ඇතිවුණොත් විතරයි ඉදිරියට යන්න පුළුවන්. ඇයි මේ කිසිම වැඩක් නැති කවුරුත් දන්නේ නැති යටගියාවක් හාරන්නේ. යුද්දෙකදි  ඕනි දෙයක් වෙන්න පුළුවන්. දෙපැත්තටම වැරදි තියෙනවා. පරණ දේවල් කාටවත් වැඩක් නෑ.’’ මුත්තයියා මුරලිදරන් කිව්වේ එහෙමයි.


කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More