වීඩියෝ: බඩු මිල අඩු කරන්න. - වම ආණ්ඩුවෙන් ඉල්ලයි. Budget-2014

Monday, 18 November 2013 - 18:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%80%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.+Budget-2014

ඉදිරි අය වැයේ දී බඩු මිල පහත හෙළන ලෙස රජය නියෝජනය කරන වාමාංශික පක්ෂවල නායකයින් අද (18) ඉල්ලීමක් කළා. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ඉල්ලීම සිදුකළේ රජය නියෝජනය කරන වාමාංශික පක්ෂ නායකයින් වන තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාරයි. අතශ්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. ඊට අමතරව එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර කියා සිටියේ මධ්‍යම පාන්තිකයන්ගේ බදු ඉහළ නැංවිය යුතු බවයි. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ.
                                   
මේ අතර, ලබන 21 වන දා ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනා මගින් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් 21ට එකඟ නොවුණහොත් ඉදිරියේදී ඇති වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට රජය වගකිව යුතු බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ අද (18) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.



මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More

ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More