Update : පිදුරුතලාගල වෙඩි තැබීම ගැන පරීක්ෂණ දෙකක්.

Tuesday, 19 November 2013 - 8:05

Update+%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.
නුවරඑළිය - පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සෙබලෙකු තවත් සෙබලෙකුට වෙඩි තබා තමා ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මකයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, එයාර් කොමදෝරු ඇන්ඩෘ විජේසූරිය සඳහන් කළේ නුවරඑළිය පොලීසිය සහ ගුවන් හමුදාව විසින් මෙම පරීක්ෂණ දෙක ක්‍රියාත්මක කරන බවයි.

 

පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සෙබලෙකු එම කඳවුරේම තවත් සෙබලෙකුට වෙඩි තබා තමා ද එම ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධිය වාර්තා වූයේ අද (19) අලූයමයි. මිය ගිය එක් සෙබලෙකු මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සෙබලා මාතර - මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

Update : Tuesday, 19 November 2013 - 1:57 PM
---------------------------------------------------
පිදුරුතලාගල ගුවන් භටයන් දෙදෙනෙකු වෙඩි තබා ගෙන මරු වැළඳ ගනී.

නුවරඑළිය - පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සෙබලූන් දෙදෙනෙකු අද (19) අලූයම වෙඩි තබා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ සෙබලූන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එක් සෙබලෙකු අනෙකාට වෙඩි තබා තමාට ද වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි.


සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More