ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්.

Tuesday, 19 November 2013 - 8:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල මානව හිමිකම් තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරය සහයෝගය ලබා දිය යුතු බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්ඉන් ගෑන්ග් ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව චීනයේ ස්ථාවරය කුමක් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව වැනි රටවල මානව හිමිකම් කටයුතුවලට සහාය දැක්වීමේ දී ඇද කුද සෙවීමෙන් තොරව අවංකව සහාය දැක්විය යුතු බවයි. ලොව විවිධ රටවල ආර්ථික සහ සමාජීය තත්ත්වයන් පදනම් කර ගනිමින් ඒ ඒ රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින මතවාද වෙනස් විය හැකි බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More