Update : කොළඹ සුපිරි බූරු පොල ආසන්නයේ දවසේ පැය 24 පුරාම පොලිසිය.

Tuesday, 19 November 2013 - 8:58

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA.
කොළඹ - පුරහල ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි සූදු පොළ ආසන්නයේ පැය 24 පුරාම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, එම ස්ථානයේ සූදු ක්‍රීඩාවේ යෙදුණහොත් අඛන්ඩව වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය හා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අවස්ථා 6 කදී මෙම සූදු පොල වටලා තිබෙනවා. එහිදී සැකරුවන් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.

Update : Wednesday, 20 November 2013 - 12:41 PM
-------------------------------------------------------
කොළඹ 7 සූදු පොළ යළිත් වටලයි.

මීට පෙර පොලිස් නිලධාරීන් විසින් වටලනු ලැබූ කොළඹ 7 - කොම්පඤ්ඤවීදිය - ධර්මපාල මාවතේ පවත්වාගෙන ගිය සූදුපොළක් කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඊයේ පස්වරුවේ යළිත් වටලා තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. නීතිවිරෝධී ලෙස සූදු ක්‍රීඩා කළ පුද්ගලයන් 10 දෙනෙකු සහ එම සූදු පොළ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී සූදු ක්‍රීඩාව සඳහා යොදා ගන්නා කාඞ් කුට්ටමක් සහ රුපියල් 29,830ක මුදලක් ද හමුව තිබෙනවා. සැකකරුවන් ලබන 25 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසි මත පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පසුගිය 4 වන දා මෙම බූරු පොළ වැටලූ අතර එහිදී බූරු ගසමින් සිටි පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.


කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 19:16

කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනේ - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1166 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 19:04

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

කුවේට් සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා - මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1164 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 18:43

කුවේට් සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව... Read More