වීඩීයෝ :Update : බොදුබල සේනාවෙන් සමාව ගත්තේ නෑ. UNP

Tuesday, 19 November 2013 - 13:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate+%3A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+UNP
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය බොදුබල සේනා සංවිධානයෙන් සමාව නොගත් බව එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු කියා සිටියේ  ඊයේ සිදුකළේ සමාව ගැනීමක් නොව කණගාටුව පළකිරීමක් පමණක් බවයි.

නොවැම්බර් 13 සහ 14  යන දෙදින තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය මානව හිමිකම් සමුළුවක්  සංවිධාන කර තිබූ අතර ඊට සමගාමීව ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. පසුගිය 13 වැනිදා බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා සිරිකොත පක්ෂ මූලස්ථානයට ඇතුලූ වුණේ මෙම ප්‍රදර්ශනයේදී තම සංවිධානය ආගමික අන්තවාදී සංවිධානයක් ලෙස දක්වන ඡායාරූප ඇතුළත් වී ඇති බව පවසමින්. එහිදී භික්ෂූන් වහන්සේලාට පහරදීමක් සිදුවූ බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කළා.

පසුව ඊයේ දිනයේදී නැවත ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වුණේ මීට විරෝධය දැක්වීම සඳහායි. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී දයා ගමගේද විරෝධතාකරුවන් අතරට පැමිණියා. එහිදී ඔහු කියා සිටියේ සිරිකොතට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් ඇතුලූ වූ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට හිරිහැරයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බවයි.




Update : Wednesday, 20 November 2013 - 7:38 PM
---------------------------------------------------------------------
සමාව ගැනීම පක්ෂයේ තීරණයක් නොවේ. - එජාපය.


බොදුබල සේනා සංවිධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සමග පැමිණි පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ සමාව ගැනීම පක්ෂයේ තීරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (19) දිනයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, නොවැම්බර් 13 සහ 14  දිනවල සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රදර්ශනයකදී බොදුබල සේනා සංවිධානය ආගමික අන්තවාදී සංවිධානයක් ලෙස දක්වන ඡායාරූප ප්‍රදර්ශනයට විරෝධය පළ කරමින්. මෙම විරෝධතාවයට පෙර බොදුබල සේනා සංවිධානය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා. අනතුරුව පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට විරෝධතාවක් නොමැති බවට පක්ෂ මහලේකම්වරයා විසින් බොදුබල සේනා සංවිධානයට දැනුම් දී ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ. එමෙන්ම මෙම උද්ඝෝෂණයේදී පක්ෂය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබද තීරණ ගැනීමේ බලය ද පක්ෂ නායකත්ව මණ්ඩලය විසින් මහලේකම් තිස්ස අත්තනායක වෙත පවරා තිබෙනවා. ඒ අනුව උද්ඝෝෂණය පැවැත්වෙන කාලය අතරතුර දී සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිරිත් සක්‍ඡුධායනා කළ අතර පසුව බොදුබල සේනා සංවිධානය පක්ෂ මහලේකම්ගෙන් කළ ඉල්ලීමක් මත එය නවතා දැමුණා.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ සමස්ත බෞද්ධ ජනතාවගෙන්ම සමාව ගන්නා බව ප්‍රකාශ කළා.

එහෙත්, මෙම උද්ඝෝෂණයේ දී සමාව ගැනීමක්, සංදේශයක් භාරගැනීමක්, ලිපියක් භාර ගැනීමක්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය විසින් පමණක් සිදුකළ යුතු බවටයි මීට පෙර පක්ෂය තීරණය කර තිබුණේ. ඒ අනුව පක්ෂයේ අනුමැතියකින් තොරව දයා ගමගේ මන්ත්‍රීවරයා සමාව ගැනීම පක්ෂයේ තීරණයක් නොවන බව ඊයේ (19) සවස පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ  රැස්වීමකදී ප්‍රකාශ වී තිබෙනවා.


Wednesday, 20 November 2013 - 7:40 AM
-------------------------------------------------------------
එජාපය බෞද්ධ ජනතාවගෙන් සමාව ගනී.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් ඇතුලූ වූ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට හිරිහැරයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගෙන් සමාව අයදින බව එම පක්ෂය අද (19) ප්‍රකාශ කළා. එක්සත්  පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මෙම අදහස් පළ කළේ පසුගිය 13 වැනිදා ඇතිවූ එම සිද්ධියට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදියි.

නොවැම්බර් 13 සහ 14  දිනවල සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රදර්ශනයකදී බොදුබල සේනා සංවිධානය ආගමික අන්තවාදී සංවිධානයක් ලෙස දක්වන ඡායාරූප ප්‍රදර්ශනය වන බව පවසමින් ඔවුන් පසුගිය 13 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයට ඇතුල් වුණා. එහිදී භික්ෂූන් වහන්සේලාට පහරදීමක් සිදුවූ බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කළා. ඊට එරෙහිව ඔවුන් අද නැවතත් උද්ඝෝෂණයේ යෙදෙන අවස්ථාවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවල සෙත් පිරිත් විකාශය කිරීමද අසන්නට ලැබුණා.

කෙසේ වෙතත් උද්ඝෝෂණය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයට ආධ්‍යත්මික නායකත්වය ලබාදීමට තම සංවිධානය සූදානම් බව ප්‍රකාශ කළා.
 
මේ අතර, උද්ඝෝෂණය අතරතුර බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ද සිදුකෙරුණා. එහිදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ද උද්ඝෝෂකයින් ඇමතුවා. ඒ අවස්ථාවේ උද්ඝෝෂකයින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්ගේ කථාවට බාධා සිදුකළා.



Tuesday, 19 November 2013 - 7:10
--------------------------------------------------------------------
බොදුබල සේනා සිරිකොත ඉදිරිපිට විරෝධතාවයක.

Tuesday, 19 November 2013 - 19:10

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිට බොදුබල සේනා සංවිධානය අද (19) විරෝධතාවක නිරත වුණා. ඒ, පසුගිය 13 වන දා එම පක්ෂ මූලස්ථානය තුළ දී තම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින්. මෙම ප්‍රදර්ශනයේදී බොදුබල සේනා සංවිධානය ආගමික අන්තවාදී සංවිධානයක් ලෙස සදහන් කර ඇති බවට එම සංවිධානයට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඊට විරෝධය දැක්වීම සදහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ.                                            

 
මේ අතර, උද්ඝෝෂණය අතරතුර බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ද සිදුකෙරුණා. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක දයා ගමගේ සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම පක්ෂය බෞද්ධ ජනතාවගෙන් සමාව අයදින බවයි.


වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක් හටගෙන... Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි
Tuesday, 26 May 2020 - 12:58

කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම... Read More

කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
Tuesday, 26 May 2020 - 12:52

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ විදෙස් රටවලින් මෙරටට පැමිණි... Read More