Update : අයිසෝන් හෙට සිට පියවි ඇසින්.

Tuesday, 19 November 2013 - 16:39

Update+%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
මෙම ශතවර්ෂයේ දිස්වන දීප්තිමත්ම ධූමකේතුව වන ‘‘අයිසෝන්’’, හෙට සිට පියවි ඇසින් දැකගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාව ලැබෙනවා. සඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි හෙයින් මෙම ධූමකේතුව සියවසේ වල්ගා තරුව ලෙසද විද්‍යාඥයන් විසින් හැදින්වීම විශේෂත්වයක්. අලූයම 4 - 5 ත් අතර කාලය තුළ නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහළින් අයිසෝන් ධූමකේතුව පැහැදිළිව නිරීක්ෂණය කළ හැකියි. එය සූර්යයාට සමීපව පිහිටා ඇති බැවින් හිරු එළිය ඇති විටක එක එල්ලේ වල්ගා තරුව දෙස බැලීම සිදු නොකළ යුතු බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ධූමකේතුව මුලින්ම සොයාගනු ලැබුවේ රුසියානු ජාතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින්. සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ඉතිරි වූ ද්‍රව්‍ය මෙන්ම, මිදුණු ජලය, කුඩා පාෂාණ කැබලි, ¥විලි අංශු සහ විවිධ වායු වර්ග ධූමකේතු හෙවත් වල්ගා තරුවල අන්තර්ගතවනවා. 

Update : Tuesday, 19 November 2013 - 7:48
----------------------------------------------------------------------------------------
සියවසේ වල්ගා තරුව හෙට සිට පියවි ඇසින්.

Tuesday, 19 November 2013 - 16:39

මෙම ශතවර්ෂයේ දිස්වන දීප්තිමත්ම වල්ගා තරුව වන ‘‘අයිසෝන්’’, හෙට සිට පියවි ඇසින් දැකගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකියාව ලැබෙනවා. සඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි හෙයින් මෙම වල්ගා තරුව සියවසේ වල්ගා තරුව ලෙසද විද්‍යාඥයන් විසින් හැදින්වීම විශේෂත්වයක්. අලූයම 4 - 5 ත් අතර කාලය තුළ නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහළින් අයිසෝන් වල්ගා තරුව පැහැදිළිව නිරීක්ෂණය කළ හැකියි. එය සූර්යයාට සමීපව පිහිටා ඇති බැවින් හිරු එළිය ඇති විටක එක එල්ලේ වල්ගා තරුව දෙස බැලීම සිදු නොකළ යුතු බවයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වල්ගා තරුව මුලින්ම සොයාගනු ලැබුවේ රුසියානු ජාතික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින්.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More