වීඩීයෝ : ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්. - රජය.

Tuesday, 19 November 2013 - 19:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.
මානව හිමිකම් සම්බන්ධයෙන් කොටි හිතවාදී ඩයස්පෝරාවෙන් එල්ලවන  ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානුෂිය මෙහෙයුම පැවති අවසන් කාල සීමාවේ සිදුවූ සිද්ධීන් පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය ලබාදෙන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් එරට පහළ මන්ත්‍රී මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාවේ මානුෂිය මෙහෙයුම පැවති අවසන් කාල සීමාවේ සිදුවූ සිද්ධීන් පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය ලබාදෙන බව ඊයේ (19) යළිත් වරක් ප්‍රකාශ කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් පසුවද ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබුණා. ඔහු සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාව තුළ මේ දිනවල දැඩි කථාබහට ලක්ව තිබෙනවා.


Update : Wednesday, 20 November 2013 - 7:47 AM
---------------------------------------------------------------
කැමරන්ගේ වැඩ නින්දා සහගතයි. ආණ්ඩුව.

ශ්‍රී ලංකාවේ මානුෂිය මෙහෙයුම පැවති අවසන් කාල සීමාවේ සිදුවූ සිද්ධීන් පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය ලබාදෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අද යළිත් වතාවක් ප්‍රකාශ කළා. ඒ, බ්‍රිතාන්‍යයේ පහළ මන්ත්‍රී මණ්ඩලය  අමතමින්. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් පසුවද ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබුණා. අද දිනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවට එල්ලවී ඇති  චෝදනා කිසිවෙකුටත් අමතක වී නොමැති බවයි.
 
මෙ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය නින්දා සහගත බවයි. කොටි සංවිධානය බ්‍රිතාන්‍ය තුළ තහනම් කර තිබියදී එම සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරීන්ට මුදල් එකතු කිරීමට ඉඩදීමත් ඡුන්ද පදනම ආරක්ෂා කරගැනීම සඳහා විවිධ ප්‍රකාශ නිකුත් කිරීමත් දෙබිඩි පිළිවෙතක් බවට ඔහු චෝදනා කළා.




වැසිකිළි වලකට වැටී පාසල් දැරියක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 16:04

වැසිකිළි වලකට වැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලස... Read More

රාත්‍රී ආහාරය ප්‍රමාද වූවැයි සොහොයුරියට, මස්සිනාට සහ දරුවාට පහරදුන් පුද්ගලයෙකු රිමාන්ඩ්
Sunday, 31 May 2020 - 15:53

රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම... Read More

තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More