Update : අක්මීමන ද්විත්ව ඝාතනය ඉඩම් ආරවුලක් දැයි සැකයක්.

Wednesday, 20 November 2013 - 7:53

Update+%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ගාල්ල - අක්මීමන ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බවට සැකකරන බව පොලිසිය පවසනවා. ඒ අනුව, ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

 

ගාල්ල - අක්මීමන - හල්ගස්මුල්ල ප්‍රදේශයේ වත්තක තිබී අද (20) අලූයම ඝාතනයට ලක්වූ අඹු - සැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය විසින් සොයා ගත්තා. 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සහ 48 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරුයි මෙලෙස සොයා ගනු ලැබුවේ. මෙම අඹු - සැමි යුවල තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

 

එමෙන්ම, ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයා ඉඩම් ආරවුල් ගණනාවක පාර්ශවකරුවෙකු බවට ද අනාවරණ වී තිබෙනවා. ඔහු සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම අඹු - සැමි ඝාතනයට ඉඩම් ආරවුලක් මුල් වන්නනට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්  අද පෙරවරුවේ අඹු - සැමි යුවල ඝාතනයට ලක්වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා.  

 

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මෙහෙයවූ තලංගම පොලිසියේ නිලධාරින් පරීක්ෂණ කටයුතුවල සැබෑ තොරතුරු වසන් කිරීම සඳහා මුදල් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය පවසන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳ තලංගම පොලිසියේ නිලධාරින්ගේ ප්‍රකාශ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. පසුගිය ජුලි 21 වන දා කිතුල්ගල - ගනේපල්ල ප්‍රදේශයේ දී මෙම පොලිස් පරීක්ෂකවරයා පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණා.

Update : Wednesday, 20 November 2013 - 12:31 PM
----------------------------------------------
අක්මීමන ඉඩමක ඝාතනය කළ යුවළකගේ සිරුරු.

ගාල්ල - අක්මීමන - හල්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ඝාතනය කළ අඹු - සැමි යුවළකගේ සිරුරු පොලීසිය අද (20) උදෑසන සොයා ගත්තා. මිය ගිය කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල ද දක්නට ලැබෙනවා. ඇයගේ වයස අවුරුදු 48ක් වන අතර සැමියාගේ වයස අවුරුදු 50ක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඔවුන් ගාල්ල - කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.


ශ්‍රමිකයින් 160 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තලින් දකුණු කොරියාවට
Wednesday, 27 May 2020 - 10:29

කොරෝනා වෛරස් තත්ත්වයත් සමඟ මෙරටට පැමිණි දකුණු කොරියාවේ සේවයේ... Read More

කොරෝනා ආසාධිත සැක සහිත පිරිසක් යාපනයේ මිසලයේදී අනතුරට පත් වෙයි
Wednesday, 27 May 2020 - 10:27

කොරෝනා අසාදිතයන් යැයි සැක සහිත රෝගීන් පිරිසක් රැගත් යාපනය... Read More

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ
Wednesday, 27 May 2020 - 10:10

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත කර තිබෙනවා.... Read More