ඉරානයට ජාත්‍යන්තරයෙන් කොළ එළියක්.

Wednesday, 20 November 2013 - 13:03

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉරානයට එරෙහිව නව සම්බාධක යෝජනා කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා එරට සෙනෙට් සභිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට කාලය අවශ්‍ය බවයි ජනාධිපති ඔබාමා එහිදී පවසා ඇත්තේ. එමෙන්ම, එවැනි එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානය න්‍යෂ්ටික ඉන්ධන සැකසීම අඛන්ඩව සිදුකළ හැකි බවට ද ධවල මන්දිර ප්‍රකාශකයා අනතුරු ඇඟවීමක් කළා.

 

ඇමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන ලෝක බලවතුන් සමඟ ඉරානය ජිනීවාහි දී අද නව සාකච්ඡා වටයක් අරඹනවා. ඉරාන විදේශ අමාත්‍ය ජාවිඞ් සරිෆ් ප්‍රකාශ කළේ මෙහිදී ගැටලූ සමතයකට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි. මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ ඉරාන ජනාධිපති හසාන් රව්හානි ට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

 

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියාවේ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයා එහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. දශකයකට වැඩි කාලයකට පසුව, බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු, ඉරාන ජනපති වෙත ඍජු ඇමතුමක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

 


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More