වීඩීයෝ : Update : හෙට අයවැයට විපක්ෂය එක්වෙයිද? Budget-2014

Wednesday, 20 November 2013 - 13:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F+Budget-2014
හෙට පැවැත්වෙන අයවැය කථාව වර්ජනය කිරීම සම්බන්ධයෙන් තමන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග සාකච්ඡා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එම පෙරමුණේ  ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ හෙට ඉදිරිපත්වන්නේ සුපුරුදු අයවැයක් පමණක් බවයි.

එක්සත් ජාතික පක්ෂය අයවැය කථාවට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳව හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ හෙට පැවැත්වෙන අයවැය කථාවට තම පක්ෂය සහභාගි වන බවයි. 



Update : Wednesday, 20 November 2013 - 7:36
-----------------------------------------------------------------------------------------------------
ජවිපෙ අයවැය වර්ජනයට සැරසෙයි.

Wednesday, 20 November 2013 - 13:06

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හෙට පැවැත්වෙන අයවැය කතාව වර්ජනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 27 May 2020 - 17:39

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More