මීරිගම අයවැයත් සන්ධානය පරාදයි.

Wednesday, 20 November 2013 - 15:08

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලය හොබවන මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 19 කින් අද පරාජයට පත්වුණා. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමයි. මන්ත්‍රීවරුන් 23 දෙනෙකු සැදුම් ලබන එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 12 දෙනාගෙන් 11 දෙනෙකුම අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු අයවැය ඡුන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ සභාවට පැමිණ නොසිටි අතර ඉතිරි අටදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළා.

ජනතා විමුක්ති පෙරමුණේ  සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රාදේශීය සභාවේ සිටියද ඔවුන්ද අද සභා වාරයට පැමිණ නැහැ.

    
Update : Wednesday, 20 November 2013 - 7:08

------------------------------------------------------------------------------------------------------------
මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී.
Wednesday, 20 November 2013 - 15:08

මීරිගම ප්‍රාදේශීය සභාවේ 2014 සඳහා වූ අයවැය වැඩි ඡන්ද 19 කින් අද (20)පරාජයට පත්ව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පමණක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ මන්ත්‍රීවරු 12 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් මන්ත්‍රීවරු 11 දෙනාම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා. මීරිගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙකු සිටින අතර ඉන් එක් අයෙකු අද පැමිණ නොමැති අතර අනෙක් අටදෙනාම අයවැයට විරුද්ධව භාවිතා කළා. ජනතා විමුක්ති පෙරමුණේ  සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රාදේශීය සභාවේ සිටියද ඔවුන්ද අද සභා වාරයට පැමිණ නැහැ. සභාපතිවරයා තනි තීරණ මත කටයුතු කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතීඥ රවීන්ද්‍ර කුරුප්පු කියා සිටියේ.


ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් පියෙක් සහ දියණියක් තුවාල ලබයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 10:05

මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ... Read More

අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 9:27

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින්... Read More

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 9:21

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු... Read More