වීඩීයෝ : Update : තලංගම ඕ.අයි.සී. ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඞ්.

Wednesday, 20 November 2013 - 16:21

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A++%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8++%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 04 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඝාතනය සදහා කොන්ත්‍රාත්තුව ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති කෝටිපති ව්‍යාපාරික කාන්තාව ඇතුළු තවත් තුන්දෙනෙකු මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අදාළ ඝාතනයේ තොරතුරු වසන් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ හතර දෙනෙකු අත්අඩංගුවට ගත්තේ පෙරේදා දිනයේදියි.

Update : Friday, 22 November 2013 - 15:18 PM

---------------------------------------------------------------
තලංගම ස්ථානාධිපති ඇතුළු 04 දෙනා රිමාන්ඩ්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 04 දෙනා හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද පස්වරුවේ කඩුවෙල මහසේත්‍රාත් වසන්ත ජිනදාස හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ ඝාතනයේ තොරතුරු වසන් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ හතර දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ වන කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. 39 හැවිරිදි තුසිත කුමාරසිරි නැමති මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා පැහැරගෙන යාම පිළිබඳව පොලීසියට තොරතුරු වාර්තාවී තිබුණේ පසුගිය 21 වැනිදායි.



Update :Thursday, 21 November 2013 - 06:48
-------------------------------------------------------------------------------
තලංගම OIC ඇතුලූ 4 දෙනා හෙට අධිකරණයට.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපතිිවරයා ඇතුලූ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර තලංගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ද වනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ වන කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. 39 හැවිරිදි තුසිත කුමාරසිරි නැමති මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා පැහැරගෙන යාම පිළිබඳව පොලීසියට තොරතුරු වාර්තාවී තිබුණේ පසුගිය 21 වැනිදායි.

පසුව කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී හෙළිවුණේ නිතර නිතර මුදල් ඉල්ලා හිරිහැර කිරීම නිසා අදාළ කෝටිපති කාන්තාව විසින් රුපියල් ලක්ෂ 15 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
 
ඝාතනය පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා අදාළ කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 20 ක් ලබාගත් බවටයි තලංගම පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකුට චෝදනා එල්ලවී ඇත්තේ. ඒ අනුව අත්අඩංගුවට ගත් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ සැකකරුවන් හෙට දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 




Update :Wednesday, 20 November 2013 - 16:21
-------------------------------------------------------------------------------
තලංගම පොලිස් ස්ථානාධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට.

Wednesday, 20 November 2013 - 16:21

හිටපු පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර තලංගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු වනවා. මොවුන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ ඝාතනයේ තොරතුරු වසන් කිරීම සඳහා මෙහි චෝදනා එල්ලවී ඇති කෝටිපති අනියම් බිරිඳ තලංගම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදී ඇති බවට තොරතුරු හෙළිවුණා. ඒ අනුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More

ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More