1818 - 1848 දී පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින්ට වීර සම්මාන.

Wednesday, 20 November 2013 - 19:07

1818+-+1848+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1.
1818 සහ 1848 නිදහස් අරගලයන්හිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික වීර සම්මාන ප්‍රදානය කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ මස 26 වැනිදාට යෙදෙන වීර කැප්පෙටිපොල දිනයේදී ජාතික කෞතුකාගාරයේදී මෙම සම්මාන ප්‍රදානය සිදුවනු ඇති.

1815 මාර්තු 2 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කරගැනීමෙන් පසු 1818 නිදහස් අරගලයක් ඌව වෙල්ලස්සෙන් ආරම්භ වුණා. එම වසරේ පෙබරවාරි 21 වැනිදා එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් උඩරට සියලූ ප්‍රදේශයන්ට යුද නීතිය පනවනු ලැබුවා. අරගලයේ නියමුවන් වූ කැප්පෙටිපොල සහ පිළිමතලාවේ අත්අඩංගුවට ගැනුනු අතර නොවැම්බර් මාසයේ ශ්‍රී දළදා වහන්සේද ඉංග්‍රීසින් අතට පත්වුණා. නොවැම්බර් 2 වැනිදා කැප්පෙටිපොළ දිසාවේ සහ මඩුගල්ලේ දිසාවේ මහනුවර බෝගම්බර පිටියේදී හිස ගසා මරා දැමුවේ රටම කම්පා කරමින්.
 
මෙවැනි ප්‍රකට නායකයන් මෙන්ම 1818 අරගලයේ අප්‍රකට නායකයන් රැසක් සිටියා. මෙහිදී රටින් පිටුවහල් කළ 27 දෙනෙකු සහ පසුව 1848 නිදහස් අරගලයේදී පිටුවහල් කළ ගොංගාලේගොඩ බණ්ඩා වෙනුවෙන් මේ මස 26 වැනිදා වීර සම්මාන පිරිනැමෙනු ඇති.


ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More

කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More