වීඩීයෝ : කොළඹ සිසු උද්ඝෝෂණ 3 ක්.

Wednesday, 20 November 2013 - 19:14

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+3+%E0%B6%9A%E0%B7%8A.
විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ගැටළු කිහිපයක් මුල්කරගනිමින් අද දිනයේ කොළඹ ස්ථාන 3 කදී විරෝධතා පැවැත්වුණා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපළ අසලට අද දහවල් රැස්වුණේ සිව් අවුරුදු ඖෂධවේදී සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව කප්පාදු කර ඇති බව පවසමින්. කොළඹ - විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළුවලට කඩිනමින්  විසඳුම් ඉල්ලායි. මේ අතර පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්වූ සිසුන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට රැස්වුණේ කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇති බව පවසමින්.

ඔවුන් විරෝධතාවයේ නිරතවද්දී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක විසින් එම සිසුන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදුන්නා. එහිදී ගැටළුව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට දෙසැම්බර් 10 වැනිදා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස අමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බවයි සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ඉසෙඞ් ස්කෝර් අසාධාරණයට එරෙහි සිසු එකමුතුවේ නියෝජිත මලින්ද  රන්සිළු කියා සිටියේ.




කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More