කළුබෝවිල ශික්ෂණ රෝහලේ රුධිර පරීක්ෂණ නවතී.

Thursday, 21 November 2013 - 7:41

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.
රෝගීන් වෙනුවෙන් සිදුකරන සම්පූර්ණ රුධිර පරීක්ෂණය සඳහා යොදාගනු ලබන රසායනික ප්‍රතිකාරකයන් නොමැතිවීම නිසා කළුබෝවිල ශික්ෂණ රෝහලේ රුධිර පරීක්ෂණ සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය පවසනවා. එහි සභාපති ජානක නිශාන්ත කියා සිටියේ රසායනික ප්‍රතිකාරකයන් ගෙන්වන සමාගම් සඳහා ගෙවිය යුතු මිලියන 14 ක මුදලක් නොගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.

 

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාල රසායනික ප්‍රතිකාරකයන් වහාම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට වෛද්‍ය සැපයුම් අංශය වෙත උපදෙස් ලබාදී ඇති බවයි. කළුබෝවිල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය විසින් රසායනික ප්‍රතිකාරකයන් හිඟවීම පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවූ බවද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා.


වන අලි මරණ සියයට 50 කින් පහළට
Monday, 25 May 2020 - 7:11

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති වන අලි මරණ සංඛ්‍යාව පසුගිය... Read More

අටළුගම දී හිරු මාධ්‍යවේදියාට බාධා කර ඔහුගේ මෝටර් රථයට අලාභ හානි කළ සිද්ධියට 06ක් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 7:07

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධයෙන්... Read More