Update :වීඩියෝ: දඹුල්ලේ කාන්තා ඝාතනය කොල්ලකෑමක්දැයි සැක.

Thursday, 21 November 2013 - 9:08

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A.
දඹුල්ල  - බකමූණ - පොල්අතුවාඩිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම කොල්ලකෑමේ අරමුණින් සිදුකරන ලද්දක් බවට පොලීසිය සැකකරනවා. අද අලූයම මෙම ඝාතනය සිදුවූ අතර මෙහිදී නිවසේ සිටි තවත් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර තිබුණා. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

පසුගිය කාල සීමාව තුළ අනුරාධපුර විහාරහල්මිල්ලකුලම, මාතර - කඹුරුපිටිය, ගාල්ල - අක්මීමන ප්‍රදේශවලදී මෙලෙස පුද්ගල ඝාතන කිහිපයක් සිදුවුණා. මෙවැනි ඝාතනවල වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි පොලීසිය පවසන්නේ. අපරාධ විද්‍යාව අනුව මෙවැනි සිදුවීම් විශ්ලේෂණය වන ආකාරය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය එම්.ඩබ්ලිව්. ජයසුන්දරගෙන් විමසීමක් කළ අතර එහිදී මහාචාර්යවරයා පැවසුවේ පෞද්ගලික හේතූන් ඉඩම් ආරවුල් සහ වෙනත් අපරාධවල සාක්ෂි සැඟවීමේ අරමුණින් මෙවැනි අපරාධ සිදුකරන බවයි.



Update : Thursday, 21 November 2013 - 12:49
-----------------------------------------------------------------------------------------------------
බකමූණේ කාන්තා ඝාතනයක්.

Thursday, 21 November 2013 - 9:08

දඹුල්ල - බකමූණ - පොල්අතුවාඩිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුට කිසිවෙකු විසින් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමක් නිසා එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බකමූණ පොලිසිය සඳහන් කළේ අද (21) අලූයම මෙම ඝාතනය සිදුවී ඇති බවයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අවුරුදු 60 ක පමණ කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම පහරදීම සිදුකළේ ද කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More

රිමාන්ඩ් කර සිටින රාජිතගෙන් පැය 03 කට වැඩි කාලයක් ප්‍රශ්න කෙරේ
Thursday, 28 May 2020 - 19:12

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1503 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 19:03

තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More