ඉන්දියාව සමග සබඳතාවලට හානියක් නැහැලූ.

Thursday, 21 November 2013 - 12:34

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.
ඉන්දියාව සමග පවතින සබඳතාවලට හානියක් සිදුවීමට ශ්‍රී ලංකාව කිසිදා අපේක්ෂා නොකරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ චීනය හා පාකිස්ථානය සමග ශ්‍රී ලංකාවට පවතින සබඳතා, ඉන්දු - ලංකා සබඳතා සමග සංසන්ධනය නොකළයුතු බවයි. විශේෂයෙන් චීනය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සහයෝගය දක්වනවා. ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දීය සාගර කලාපයේ ස්ථාවර භාවය අපේක්ෂා කරන රටක්. මේ නිසා ශ්‍රී ලංකාව ඉන්දීය සහය නිරන්තරයෙන් අපේක්ෂා කරන බව මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් සඳහන් කළා. ඉන්දු ලංකා සබඳතා අශෝක අධිරාජ්‍ය සමය දක්වා දුරාතීතයට ඇදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

වසර 24 කට පසු ආසියානු කලාපයේ පැවති ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කොළඹදී පසුගියදා අවසන් වුණා. ඒ සඳහා ඉන්දියාව උපරිම නියෝජනයක් දක්වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කළා. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඊට සහභාගිවීමට නොහැකි දේශපාලනමය හේතුන් මෙරට නායකත්වය විසින් වටහාගෙන ඇති බවයි  ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ප්‍රකාශ කළේ. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඊට සහභාගි වූයේ නම් අපේ කලාපයට ඉන් ඉහළ ප්‍රතිඵලයක් අත්කරගැනීමට හැකිව තිබූ බව සිය අදහස යැයි ඔහු කියා සිටියා.

 

13 වන සංශෝධනය මෙරට ව්‍යවස්ථාවට එක්වූයේ ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය වැඩිදියුණු කිරීම සඳහා ලක් රජය කටයුතු කරමින් සිටිනවා. දශක තුනකට පසු ප්‍රථම වතාවට උතුරු පළාතට දෙමළ ජනතාව නියෝජනය කරමින් මහ ඇමතිවරයෙකු පත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉන්දීය ෆෙඩරල් ක්‍රමයට සමාන කළ නොහැකියි. ශ්‍රී ලංකාව දැන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඒ සඳහා රටට සුදුසුම ආකෘතියයි.

 
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ශ්‍රී ලංකාව විසින් පියවරින් පියවර ක්‍රියාත්මක කරනු ලබනවා. පශ්චාත් යුද ක්‍රියාවලිය තිරසාර අන්දමින් ක්‍රියාත්මක කළ යුත්තක්. විසඳිය යුතු කරුණු පසිඳලීමට අපේ අධිකරණ පද්ධතිය ශක්තිමත්. ඇතමුන් ඉල්ලා සිටින වගවීමේ ක්‍රියාවලිය සංහිදියා ක්‍රියාමාර්ගවලට බාධාවක් බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් අවධාරණය කළේ.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More