Update :ජනතාව මත බදු පැටවූ අයවැයක් - එජාපයෙන් ප්‍රකාශයක්.. Budget-2014

Thursday, 21 November 2013 - 12:10

Update+%3A%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A..+Budget-2014
අද (21) අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පාර්ලිමේන්තු සභා ගර්භයේ දක්නට ලැබුණේ නැහැ. ඒ, එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාව වර්ජනය කළා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද අයවැය කතාව වර්ජනය කිරීමට එක්වුණා. එහෙත් එම සන්ධානයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන අර්ජුණ රණතුංග සහ ටිරාන් අලස් අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැහැ. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තුවට පිවිස පසුව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අජිත් කුමාර ජනාධිපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටියා. එමෙන්ම, දෙමළ ජාතික සන්ධානයත් අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට සහභාගී වුණා.

අයවැය යෝජනාවෙන් අනතුරුව විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් අදහස් විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය කටයුතු කළා. මෙවර අයවැය ජනතාව මත බදු පැටවූ අයවැයක් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියා.

මෙවර අයවැය රටේ ආර්ථිකයට පිටින් ඉදිරිපත් කළ එකක් බවයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ.

දෙමළ ජාතික සන්ධානය පවසන්නේ මෙවර අයවැයේ යළි පදිංචි කළ  ජනතාව ගැන කිසිදු සඳහනක් නොමැති බවයි. උතුර පළාත් සභාවටද මුදල් වෙන් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවා.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු මෙවර අයවැය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා කියා සිටියේ අයවැයෙන් ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි. ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පුදකරන බවද මෙහිදී ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට මෙවර අයවැයෙන් යෝජනා රැසක් ඉදිරිපත්ව ඇති බවයි.

Update : Thursday, 21 November 2013 - 07-08 PM
------------------------------------------

අයවැය කථාව එජාපය සහ ජවිපෙ වර්ජනය කරයි.


අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය කථාව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් තමන් අයවැය කථාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වන බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද උදෑසන පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදියි මෙම තීරණය ගෙන ඇත්තේ.


අයවැය කථාව වර්ජනය කළද අයවැය විවාදයන් සඳහා එක්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

 
ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ජයන්ත කැටගොඩද අද පැවැත්වෙන අයවැය කථාව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.


Update : Thursday, 21 November 2013 - 12:36 PM
------------------------------------------
එජාපය සහ ජවිපෙ අයවැය කථාව වර්ජනය කරයි.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය කථාව වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් තමන් අයවැය කථාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වන බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ.




මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More