වීඩියෝ: රංගේට සහ අශෝක්ට යළිත් සංවිධායක ධුර.

Thursday, 21 November 2013 - 18:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB.
එක්සත් ජාතික පක්ෂය දැනට ක්‍රියාත්මක කරන සියලූම විනය පරීක්ෂණ අත්හිටුවීමට එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය අද (21) තීරණය කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතු එම නායකත්ව මණ්ඩලය පළමු වරට අද රැස්වූ අවස්ථාවේදීයි. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාරට සහ අශෝක් අබේසිංහට යළි ඔවුන්ගේ ආසන සංවිධායක ධුර ලබාදීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. එමෙන්ම, මෙම නායකත්ව මණ්ඩලයට නම් කෙරුණු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සහ තලතා අතුකෝරාල අද රැස්වීමට සහභාගී වී නැහැ. ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ තමන් නායකත්ව මණ්ඩලයට නොපැමිණෙන බවයි. කෙසේ වෙතත්, නායකත්ව මණ්ඩලයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේ මොවුන් දෙදෙනාද නායකත්ව මණ්ඩලයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද අද (21) සාකච්ඡා වූ බවයි.



තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද දිවුරුම් දෙයි
Monday, 01 June 2020 - 11:32

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More