වීඩියෝ: කඹුරුපිටිය ද්විත්ව ඝාතනයේ ඉතිරි සැකකරුවන් සොයා පරීක්ෂණ.

Friday, 22 November 2013 - 7:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. අද (22) අළුයම පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.



Update : Friday, 22 November 2013 - 1:31 PM
--------------------------------------
කඹුරුපිටියේ ද්විත්ව ඝාතනයේ 2 වන සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි.

මාතර - කඹුරුපිටිය - මාස්මුල්ල - උල්ලල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සැකකරු  ඕවිටිගම ප්‍රදේශයේ සගවා තිබූ ආයුධ තොගයක් පරීක්ෂා කිරීමට පොලිසිය සැකකරු රැගෙන ගොස් ඇති අතර එහිදී සැකකරු හදිසියේම එම අවියක් රැගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිසිය පෙරලා වෙඩි තැබීමෙන් අජිත් ප්‍රියදර්ශන නමැති මෙම සැකකරු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මාතර - කොට්ඨාශ දුෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනය කර තිබුණා. නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණිය තුවාල ලැබූ අතර අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් දිවි ගලවා ගත්තා.

මෙම පොලිස් කොස්තාපල්වරයා මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන අංශය විසින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ මත්කුඩු වැටලීම් ඇතුළු මෙහෙයුම්වලට සම්බන්ධ වූ නිලධාරියෙකු බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මෑතකදී මාතර කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකය විසින් සිදුකළ දකුණු පළාතේ විශාලම මත්කුඩු වැටලීමට ද මොහු දායකත්වය දක්වා තිබෙනවා.


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More