පුටින්, ජනපති අමතයි.

Friday, 22 November 2013 - 7:49

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත රුසියානු ජනාධිපති, ව්ලැදිමීර් පුටින් ඊයේ (21) සුබ පැතුම් එක් කළා. ඒ ජනාධිපතිවරයා වෙත ඊයේ (21) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබා දෙමින්. ජනාධිපතිවරයාට පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සාර්ථකව කටයුතු කිරීමට හැකිවේවා යැයි රුසියානු ජනපති පුටින් එහිදී ප්‍රාර්ථනා කර තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබඳතා අඛන්ඩව පවත්වා ගැනීමට ද රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥාවක් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, ඉන්දියාවේ හින්දු පුවත්පත අද වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකා සමුළුවට සහභාගි නොවීම දෙරට අතර පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබඳතාවලට හානියක් නොවන බවයි. එමගින් දෙරටේ සබඳතාවල පිළිඹිබුවක් සිදුනොවන බව ඉන්දීය රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළා. ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවේ අරමුණයි. අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සමුළුවට සහභාගි නොවීමෙන්, ඉන්දියාවට ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑමට ඇති හැකියාව දුර්වල වී ඇත්දැයි, යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස, ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ අදහස් පළ කිරීම බ්‍රිතාන්‍යයට වඩා වෙනස් බවයි. ශ්‍රී ලංකාවට ඉන්දියාව අවශ්‍ය වන්නාසේම ඉන්දියාවට ද ශ්‍රී ලංකාව අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


සහල්වල උපරිම සිල්ලර මිලේ ගැසට්ටුව තවමත් නැහැ
Thursday, 28 May 2020 - 13:26

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ... Read More

කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කඳවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More