අවුරුදු 60 - 63 දක්වා ගොවීන්ටත් රු. 1000 විශ්‍රාම වැටුපක්.

Friday, 22 November 2013 - 8:52

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+60+-+63+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.+1000+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A.
ආණ්ඩුව විසින් ගොවි විශ්‍රාම වැටුප ලබාදීම අවුරුදු 63 සිට ක්‍රියාත්මක කිරීම මගින් වයස අවුරුදු 60 සිට 63 දක්වා වූ ගොවීන් සඳහා අසාධාරණයක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළා. හිරු ටී.වී. තුළින් විකාශය වන බලය දේශපාලන සංවාදාත්මක වැඩසටහනට ඊයේ (21) රාත්‍රියේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ වයස අවුරුදු හැටේ සිට මීට පෙර ගොවි විශ්‍රාම වැටුප ලබාදුන් බවයි. එහෙත් මෙවර අයවැය යෝජනාවෙන් එය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමෙන් අවුරුදු හැටේ සිට 63 දක්වා ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ පිළිබඳව අප කෘෂිරක්ෂණ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය දමිතා ද සොයිසාගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ අවුරුදු 60 ට වැඩි සියලූම ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුප හිමිවන බවයි. ඒ අනුව මීට පෙර ගොවීන්ට ලබාදුන් රුපියල් දහසේ විශ්‍රාම වැටුප වයස අවුරුදු හැටේ සිට 63 දක්වා ගොවීන්ට හිමිවන බවද ඇය සඳහන් කළා.



Update : Friday, 22 November 2013 - 1:06 PM
----------------------------------
බලය.

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ රාත්‍රියේදීත් විකාශය වුණා.

එහි මාතෘකාව මෙවර අයවැය යි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එක්ව සිටියා.

[MP3]s71857[/MP3]


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More

මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More