Update :වීඩියෝ: වාහන බදු ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි. Budget-2014

Friday, 22 November 2013 - 10:03

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+Budget-2014
නව රථ වාහන ආනයන බදු ක්‍රියාත්මක වන ආකාරය රේගුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වසරකට වැඩි වසර දෙකකට අඩු කාලයක් භාවිත කළ වාහනවල ක්ෂයවීමේ අගය සියයට 10ක් ලෙස සලකමිනුයි බදු පැනවෙන්නේ. ඊට අදාළ සියලූ විස්තර සඳහා පහත වගුව බලන්න. 


[JPG]71876_2[/JPG]



Update : Friday, 22 November 2013 - 15:39 PM

-------------------------------------------------------
දුරකතන ගාස්තු සහ පාවිච්චි කළ වාහන මිල ඉහළට.


මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංශෝධන ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, අන්තර්ජාල සහ පුළුල් පරාස දත්ත සන්නිවේදනයට අදාළ ගාස්තුවල වෙනසක් සිදුනොවනු ඇති.

මේ අතර, අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත්‍ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More