කුරාම් ඝාතන නඩුව දෙසැම්බර් 02 වැනිදා සිට විභාගයට.

Friday, 22 November 2013 - 12:44

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+02+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7.
තංගල්ල සංචාරක නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය අපහරණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 02 වැනිදා සිට විභාග කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ ඉදිරියේ විත්තිකරුවන් 06 දෙනාම අද (22) පෙනී සිටියා.

 

2011 වසරේදී තංගල්ල - මැඬිල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය මෙම සිද්ධියට මුහුණ දුන්නා. ඊට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අද (22) අධිකරණයේ පෙනී සිටියේ නිකුත් කර තිබූ නොතිසී මතයි. නීතිපතිවරයා ගොනුකළ චෝදනා 17 කින් යුත් අධිචෝදනා පත්‍රය ඔවුන්ට අද (22) විවෘත අධිකරණයේදී කියවා දී තිබෙනවා. එම සියලූ චෝදනාවන්ට සැකකරුවන්, නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළා. පසුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම මත පෙර ඇප මත මුදාහැරි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ. කෙසේ වෙතත්, අධිකරණය පොලිසියට නියම කළේ ඔවුන්ගේ ඇඟිලි සලකුණු සටහන් ලබා ගන්නා ලෙසයි.


නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් කොමිසමට
Monday, 01 June 2020 - 12:41

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම්... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 405 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 12:35

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙකු ඉල්ලා අස් වේ
Monday, 01 June 2020 - 12:28

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු සිය ධුරවලින්... Read More